මීගමුව රෝහල ඉදිරිපිට මාරාන්තික කහ ඉරට පොලිසියෙන් පිළියමක්

0
76

1මීගමුව රෝහල ඉදිරිපිට තිබුණ කහඉර ඇතැම් විට ලංකාෙව් ඇති මාරාන්තිකම කහ ඉර වන්නටද පුළුවන.
ඊට හේතුව වන්නේ රෝහල ඉදිරිපිටින වාහන U turn මෙන්ම රෝහල ට වාහන හැරවිමද සිදුවුයේ මේ කහඉර මතින්විම නිසාය.මෙහි ඇති භායනක තත්වය වෙනස් කිරිමේ අවශ්‍යතාවය මීපුර වෙබ් අඩවිය අවස්ථා කිපයකදිම පෙන්වා දුන්නද එය ක්‍රියාත්මක කරගැනිමට මීගමුව පොලිසියට නොහැකිවිය.
රෝහලේ ඇතැම් වෛද්‍යවරුන්ගේ අකමැත්ත  එය ක්‍රියාත්මක කිරිමට අපහසුව තිබුණි බව පසුව සැලවිය.
එහෙත් පසුගිය දිනක ක්‍රියාත්මකව ඇති මීගමුව පොලිසියේ රථ වාහන අංශය දැන් එතනට කදිම පිළියමක් යොදා ඇත.දැ
දැන් රෝහලට වාහන හැරවිම ඇත්තේ කහ ඉරට මදක් එහායින්ය.එමෙන්ම කහඉර මතින් U turn ගැනිමක දැන් තහනම්ය.
මේ අත්‍යවශ්‍ය වෙනස්කම් සිදුකිරිමට මුල්ව ක්‍රියාකළ රථවාහන පොලිසියේ ස්ථානාධිපති ගජනායක මහතාට සහ මීගමුව පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක සමන්තිලක මහතාට අපේ ප්‍රණාමය.