මීගමුව රෝහල කඩාවැටුනොත් ජිවිත 5000 කට වඩා විනාශ විය හැකියි- මීගමුවේ ආගමික නායකයෝ කියති.

0
146

5මීගමුව රෝහල පවතින අවධානම් සහගත තත්වය ගැන එහි භාරකාරිත්වය දැරු බස්නාහිර පලාත් සභාව විසින් කිසිදු සැලකිල්ලක් නොදැක්විමද හේතුකොට ගෙන  අද මහත්වු  ඛේදවාචකයක් අහිමුවට පැමිණ තිබේ.
මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නට අද දිනයේ මීගමුව පොලිසිය වෙත ගිය ආගමික නායකයන් මාධ්‍ය වෙත අවධාරණය කර සිටියේ අහිංසක මිනිසුන් 5000 කගේ ජිවිත මෙසේ විනාශවිය හැකිව තිබෙන බවයි.
මේ නිසා මේ රෝහල වහාම මධ්‍යම රජයට පවරාගෙන සිදුවිය හැකි විනාශය වලක්වා ගැනිමට අදාල බලධාරින් ඉක්මන් පියවර ගත යුතුව ඇතැයි අවධාරණය කර සිටියේය.
මෙම අවස්ථාව සදහා අගුරුකාරමුල්ල මහ පන්සලේ ගරු කොන්දගම්මුල්ලේ ඥානසිරි ස්වාමින්වහන්සේ සහ වැල්ලවිදිය දේවස්ථානයේ හිටපු මීසම් සේවක ගරු රොසයිරෝ පියතුමන් පැමිණ සිටියහ.