එහි පැමිණ සිටි දෙවන පෙළ නිළධාරින්ගේ යෝජනාව වි ඇත්තේ පවතින ගොඩනැගිල්ලේ ඇති වාට්ටු රෝහල ඉදිරිපිට ඇති ප්‍රියශාන්ති නම් වු තට්ටු ගොඩනැගිල්ලට ගෙන යාමේ ඇති ඉඩකඩ ගැන සොයා බැලිමය.
එපමණක් නොව රෝහලේ අංශ ඒ පළාතේ වෙනත් රෝහල් වෙත අනුයුක්ත කිරිමට ඇති ඉඩකඩ ගැනද විමසා බැලිමේ යෝජනාවක් මේ සාකච්ජාවේදි මතුව ඇතැයි සැලය.
කෙසේ වෙතත් මේ සියල්ල මීගමුව රෝහල අද මුහුණ පා ඇති ඇත්ත අර්බුදය ගැන වු ප්‍රශ්ණය ගැඹුරින් සාකච්ජා කොට විසදුම් සොයනවා වෙනුවට අතිසාරයට අමුඩ ගසනවා වැනි වැඩ යැයි රෝහලේ සේවකයන් බහුතරයකගේ අදහසයි.