මීගමුව රෝහල හදපු කාලේ මීගමුවේ හිටපු දේශපාලන අධිකාරිය මේ අපරාධයට වගකිවයුතුයි .

0
107

roeis1මීගමුව රෝහලේ සත්මහල් ගොඩනැගිල්ල  ඉදිකරන සමයේ මීගමුවේ සිටි ආණ්ඩු පක්ෂයේ දේශපාලන අධිකාරිය අද මතුව ඇති මේ අපරාධයට වගකිව යුතු බවත් ඒ අයට සම්බන්ධ අයත් අදත් මේ පෙළපාලියේද ගමන් ගන්නා බවත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි සහ මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත ප්‍රනාන්දු පවසා සිටි.
ඔහු මේ බව කියා සිටියේ මීගමුව රෝහල ඉදිරිපිට අද පැවැති විරෝධතාවය සහභාගිවෙමින් සිටියදි මීපුර වෙබ් අඩවිය වෙත ප්‍රකාශයක් කරමිනි.
මේ අතර මීගමුව රෝහල් පදනමේ සභාපති වෛද්‍ය ඉයන් මහතා කියා සිටියේ මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු කළ කියැන් ඇම් කොරියානු සමාගමට නඩුපැවරිම ගැනද අවධානය යොමුකළ යුතුව තිබෙන බවය.
එවකට මීගමුවේ දේශපාලන අධිකාරියේ නායකයා ලෙසින් කටයුතු කළේ මිය ගිය හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා විසිනි.