මීගමුව ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයට එක්කළ චමිර මීපුරට කළ පළමු ප්‍රකාශය…

0
66

( විඩියෝ සහිතයි )05 වන ලෝක කුසලානයේ අවසන සුපිරි රටවල් 08 අතරට තේරි පත්වු ශ්‍රි ලංකා කණ්ඩායමට ඊයේ දිවයිනට පැමිනියා.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් සදහා මීගමුව නියෝජනය කරමින් ඒ ථෙතිහාසික තත්වය මීගමුවට ලබාදුන් තුන්ඉරියව් ක්‍රිඩක දුෂ්මන්ත සිය පළමු අදහස් දැක්විම මීපුර හමුවේ තබමින් මෙසේ කියා තිබුණි.

“මම දුෂ්මන්ත චමීර.මම ගොඩක් සතුටු වෙනවා මම ලෝක කුසලාන තර්ඟාවලියට තේරීම පිළිබඳව.ඇත්තටම ගොඩාක් කණගාටුයි අපිට තරගාවලියෙන් ඉවත්වීම ගැන.ලොකු වාසනාවක් තිබ්බා අවසන් තරගයට පැමිනෙන්න.
මට ක්‍රීඩා කරන්න ලැබුනේ තරඟ දෙකයි.ස්කොට්ලන්තයට එරෙහිව තරඟයේ කඩුලු 03ක් ලබා ගත්තා.ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ගැන.
අපි මෙතෙක් ක්‍රීඩා කරපු හැම තරඟයක්ම හොදින් ක්‍රීඩා කලා.අවසන් තරඟය තමා තරඟාවලියේ ක්‍රීඩා කරපු නරකම තරඟය.එදා ඉතින් හැමෝගම හොද දවසවක් වුනේ නැහැ.හැම අතින්ම වැරදි සිදුවුනා. වැරදි ටික හදාගෙන ඉදිරියෙදි එන තරග වලට හොදින් ක්‍රීඩා කිරීම තමා බලන්නේ හැමෝම. මේ තරඟාවලිය මට ගොඩාක් විශේෂත්වයක් වන්නේ කුමාර සංගක්කාරයි,මහේල ජයවර්ධනගේ අවසාන තරඟාවලිය ඒගොල්ලන් සමඟ අන්තීම මොහොතේ හරි එකට ක්‍රීඩා කිරීමට ලැබීම ගැන ගොඩාක් සතුටුයි.ඒ වගේම ඉදිරියේදි ජාතික ඒ කණ්ඩායමේ තරඟාවලියක් තියනවා.ඒ වගේම පකිස්ථාන කණ්ඩායම එනවා ලංකාවට.ඒ තරඟ සඳාහා හොදින් සූදානම් වෙලා.පන්දු යැවීමේ අඩුපාඩුකම් ඔක්කම හදාගෙන ඉදිරියේදි එන තරඟ ද හොදට කරලා රටට ජයග්‍රහන ගෙන දෙන්න තමා බලාපොරොත්තුව.”