මීගමුව වැල්ලේ කළුවර තැන්වලට ලයිට් එපා – දේශපාලන මැරයන්ගෙන් කම්කරුවන්ට තර්ජන

0
100

මීගමුව වැල්ලවිදියේ වැල්ල දෙසට දිවෙන අතුරුපාරවල් වල අඳුරුතැන් කිපයකට විදුලි බුබුළු සවිකිරිමට ගිය මීගමුව නගර සභාවේ කම්කරුවන් කිප දෙෙනකුට මැර පිරිසක් විසින් තර්ජනය කොට ආපසු හරවා ඇතැයි වාර්ථා වේ.
මේ මැරයන් ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ එක්තරා දේශපාලකයෙකුගේ ආධාරකරුවන් පිරිසක් බවද සැලය.
විදුලිබුබුළු සවිකර අලෝක කරන්නට ගිය වැල්ලේ මේ ස්ථාන කිසියම් නිතිවිරෝධි කටයුත්තක් සදහා භාවිතා කිරිමට අවැසි නිසා මෙසේ කම්කරුවන්ව තර්ජනය කර පළවා හැරියේද යන සැකයක් දැන් මතුව ඇතැයි වැල්ලවිදියේ විපක්ෂ මන්ත්‍රිවරයෙකු මීපුරට පවසා සිටියේය.Thugs2-400x212
පසුගියදා එක්තරා විද්‍යුත් නාලිකාවක් විසින් මීගමුවේ සිදුවන කුඩු ජවාරමක් පිලිබදව හෙළිදරව් කර අතර එකි හෙළිදරව්වන්හිදි සදහන් කරන්නට යෙදුන ඇතැම් ස්ථාන දැනට මේ අඳුරේ තිබෙන තැන් හා සම්බන්ධ බවද ප්‍රදේශවාසින් පවසා සිටිති.