මීගමුව වැල්ලේ හොර තරාදි අල්ලයි..?

0
57

මීගමුව වැල්ලේ කලක පටන් කරගෙන යනු ලබන අඩුබරට කිරිමේ මහා ජවාරම එහි ටෙන්ඩර්කරුවන අමැති ලංසාගේ පියාගේද අනුමැතිය අනුව සිදුවන බව අද මීගමුවේ ප්‍රසිද්ධ රහසකි.
කොටුව පිට්ටනිය මාළු වෙළද සැලේ සෑම කිලොවක්ම කිරෙන්නේ ග්‍රෑම් 200 ක් අඩුවෙනි.
පොලිසිය හෝ කිරුම් මිණුම් බලධාරින් කිසිදිනක වැල්ලට පැන්නේ නැත.ඒ පවතින දේශපාලන බලපෑම් නිසාවෙනි.
එහෙත් හිටිහැටියේ පසුගිය දිනක මාළු වෙළද පොළ තුල ක්‍රියාත්මක වු මෙහෙයුමකින් හොර තරාදිකරුවන් කිපදෙනෙකු අල්ලාගෙන තිබේ.
ඇමති ලංසාට එරෙහිව ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න එළිපිටම ක්‍රියාත්මක විමට පටන් ගැනිම තුල මීගමුවේ තවත් සිදුවිය හැකි යැයි ආණ්ඩු පක්ෂ ක්‍රියාකාරිහු පවසති.fish maket