මීගමුව විපක්ෂනායකධුරයට රොයිස්ගේ තේරිම කව්ද ??

0
44

kaliමීගමුව මහනගර සභාවේ විපක්ෂ නායකධුරය ගැන මේ දිනවල කථාබහක් මතුව තිබේ.රොයිස් විජිත මහතා පළාත් සභා මන්ත්‍රිධුරයට පත්විමත් සමගින් හිස්වන මීගමුව මහනගර සභාවේ විපක්ෂනායක ධුරය යනු මේ මේ මොහොතේ තිරණාත්මක එකකි.
ඊට හේතුව වන්නේ ලංකාවේ දූෂිතම නගර සභාවෙන් එකක් වන්නේ මීගමුව විම නිසාය.මේ දූෂණයන් නොබියව හෙළිකළ පුද්ගලයා වුයේ දැනට මංකොල්ලයක් පිළිබදව ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ රැදවුම් නියෝග මත තබා ඇති රොයිස් විජිතය.
වැඩ බලන විපක්ෂනායකධුරය කලක් දරු කැලිසන් ජයකොඩි නගර සභා මන්ත්‍රිවරයෙකු ලෙසින් යම් දිර්ඝ ඉතිහාසයක් තිබුනද ප්‍රතිපත්තිගරුක අයෙකු ලෙසින් සිය වගකිම නගර සභාව තුල ඉටුකිරිමට ඔහු දිගින් දිගටම අපොහොසත් විය.
වරක් රොයිස් විජිත මන්ත්‍රිවරයා විසින් මීගමුව නගර මධ්‍යයේ පිහිටා ඇති රහිමියා හෝටලය සදහා වැඩි ඉඩක් පාරෙන් අල්ලාදිම සදහා නිමල් ලංසා ඇතුළු පිරිස ක්‍රියාත්මක කර තිබුන සැලැසුම්ගත වැඩපිළිවෙලක් මහසභා රැස්විමකදි හෙළිදරව්කර සිටි අවස්ථාවේදි එකි යෝජනාව ස්ථිර කිරිමට පවා කැලිසන් ජයකොඩි මැලිවිමෙන් නගරයේ ඉඩම් කොල්ලයක් පිළිබදව වැදගත් යෝජනාවක් සංවාදයට ගැනිමට තිබුණ ඉඩකඩ අහිමිව ගියේය.
මේ අනුව පෙනි ගියේ කැලිසන් ජයකොඩි ඇමති නිමල් ලංසාගෙන් විවිධ වරදාන ලබාගන්නා බවට තිබුණ චෝදනා තවදුරටත් සනාථ වු බවකි.
එපමණක් නොව ආණ්ඩු පක්ෂයේ වැඩිම මනාප ගණනක් ලබමින් මීගමුව මහනගර සභාවේ මුදල් කාරක සභාවට තේරිපත්වන්නේද ඔහු පිළිබදව ඇමති නිමල් ලංසා තුල ඇති විශ්වාසය නිසාමය. එහෙත් සිය මුදල් කාරක සභා ධුර කාලය තුල කැලිසන් ජයකොඩි මන්ත්‍රිවරයා කිසිදු දූෂණයක් නවතා ලන්නට පියවර ගෙන තිබුනේ නැත.
මේ සියල්ල තුල කැලිසන් ජයකොඩි යනු ඇමති නිමල් ලංසා පාර්ශවය වෙනුවෙන් පෙනි සිටින්නෙක් මිස ඔහුව පත්කරන ලද ජනතාව වෙනුවෙන් ක්‍රියාකරන්නෙකු නොවේ.
මීගමුව නගර සභාවේ එජාප මන්ත්‍රින් අතර ජේෂ්ඨතමයෙකු වන්නේ නස්මියාර් මන්ත්‍රිවරයායි.
එහෙත් ඔහුද ඇමැති නිමල් ලංසාගේ වරදාන ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නෙකි.මේ නිසාම දැන් ක්‍රියාත්මක මුදල්කාරක සභාව සදහා ආණ්ඩු පක්ෂයේද වැඩි ජන්ද ලබමින් ඔහු තේරි පත්වුයේය.මේනිසා විපක්ෂ නායක ධුරය සදහා ඔහු කිසිසේත්ම සුදුස්සෙකු නොවේ.
ඉතිරි මන්ත්‍රිවරුන් අතුරින් මීගමුවේ අද පවතින තත්වය හමුවේ දුෂණ හෙළිකරමින මීගමුව මහනගර සභාවේ ලංසාකරණයට එරෙහිව අභියෝග භාරගත හැකි මන්ත්‍රිවරුන් සිටින්නේ දෙදෙනෙකි. ඒ ගිහාන් ප්‍රනාන්දු සහ වෛද්‍ය හෙන්රි රොසයිරෝ මහතා පමණි.
මීගමුවේ ආණ්ඩු පක්ෂ දේශපාලනය දැන් ඉරි තලන්නට පටන්ගෙනය.
ඇමති නිමල් ලංසාට මෙවර මැතිවරණයේදි මීගමුවේ ජනතාව විශේෂයෙන්ම කාන්තාවන් විසින් කියාදුන් පාඩම මේ අරභයා ඉතා අගනේය.
මේ සියල්ලේ වාසිය ගෙන මීගමුව මහනගර සභාව තුල රොයිස් විජිතගේ අඩුව පුරවාලිය හැකි විපක්ෂනායකයෙකු  විසින් ගත යුතුව ඇති බුද්ධිමත් තිරණයයි. ඒ මත පමණක් මීගමුවේ එජාප දේශපාලනයේ පමණක් නොව මීගමුවෙන් දුෂිත ආණ්ඩු පක්ෂ දේශපාලනය හමාර කිරිමද තින්දු වනු ඇත.