මීගමුව වීදි අලෝකරණයේ ටෙන්ඩර් හිමිකරුට හිටපු නාගරික මන්ත්‍රිගෙන් තර්ජනයක්?

0
53

thugsමීගමුවේ නත්තල් සමය සදහා විදි අලංකරණය සදහා විදුලි බුබුළු දැමිමේ ටෙන්ඩරය හිමිවු තැන්තාට මීගමුව මහනගර සභාවේ හිටපු ශ්‍රිලනිප නාගරික මන්ත්‍රිවරයෙකුගෙන් විවිධ තර්ජනය එල්ල වෙමින් පවතින බව වාර්ථා වේ.
මෙකි ටෙන්ඩර්කරුවාට කිසිවෙකුත් විදුලි බුබුළු ලබානොදිය යුතු බවත් ලබාදුනහොත් එකි විදුලි බුබුළු පවා විනාශ කර දැමිමට පියවර ගන්නා බවත් කියමින් මේකි ටෙන්ඩරුකරුගෙන පළිගැනිමේ මැර මෙහෙයුමක් අරඹා ඇතැයි පැවසේ.
පසුගිය නත්තල් සමයේ වීදි ආලෝක ටෙන්ඩරය ලබාගෙන තිබුනේද මේ මැර මන්ත්‍රිවරයා විසින් බවද කියැවේ.
මේ සමබන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත පවසා සිටියේ මීගමුව නගරයේ කිසිවෙකුටත් එවැනි මැර ක්‍රියාසදහා යහපාලනය යටතේ කිසිදු ඉඩක් ලබානොදෙන බවත් ඒ ගැන ක්‍රියාත්විමටත් නිසි පියවරගැනිමට අදාලවත් මීගමුව පොලිසිය ඇතුළු අදාල සියළු බලධාරින් දැනුවත් කර ඇතැයි කියා සිටියේය.