මීගමුව වෙරළ උද්‍යානය කප්පම්කාරයන්ගෙන් ගලවා ගැනිමට ලලිත් සහ රොයිස්ට හැකිවෙයිද ?

0
31
දයාන්ගේ ඇසිඩ් ප්‍රහාරයට ලක්වු කාන්තාවගේ ඡායාරුපයක්

roies with pic of a womenදශක 2 කකට ආසන්න කාලයක් මුහුදු වෙරළ අල්ලාගෙන කෝටි ගණනින් මුදල් උපයන කප්පම්කාරයන්ගෙන් එය ගලවා ගැනිමට මීගමුවේ අලුත් ශ්‍රිලනිප සංවිධායක ලලිත් මහතාට සහ එජාප සංවිධායක රොයිස් විජිතට මෙවරවත් හැකිවේදැයි යන කථා බහක් දැන් මීගමුව දේශපාලන කවයන් තුල මතුව තිබේ.
මහනගර සභා පාලනය අවසන්විමට පෙර කෙසේ කප්පම් හා තවත් බොහෝ මැදිහත්විම් හරහා ඇමති නිමල් ලංසාත් ඔහුගේ පියාත් 2016 වසර සදහාද මෙහි ටෙන්ඩරය ලබාගෙන තිබුණි.
ඇමති ලංසාගේ පියා සූදු අන්තුවෙකි.ඒ සදහා ඔහුට දිනකට ලක්ෂ ගණනක් මුදල් අවැසිය.නිමල් ලංසා විසින් සිය පියාගේ මේ දෛනික වියදම් පියවාගැනිම සදහා රාජ්‍ය දේපල අවභාවිතයේ යොදවා කප්පම් ගන්නට සිය පියාට ඉඩසලසා දි තිබිම අද රටම දන්නා ජනප්‍රිය රහසකි.
අපත් දන්නා පරිදි මෑත කාලයෙදි ඇමති නිමල් ලංසා මේ සදහා සිය පියාට ඉඩ කඩ සලසා දි තිබුනේ එතරම්ම කැමැත්තකින් නොවේ.
කෙසේ වෙතත්  2017 වසර සදහා වෙරළ උද්‍යානයේ ටෙන්ඩර් කිරිම ඉදිරි මාස කිපය තුලදි සිදුවිමට නියමිතය.
දැන් නගර සභාව ලංසා පවුලේ පාලනයෙන් ගිලිහි ගොසිනි.
මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවටද අතගැසිමට දැන් ඇමති ලංසාට බලයක් නැත.ඒ මෛත්‍රිපාල ජනාධිපතිවරයා විසින් ඇමති නිමල් ලංසාව එකි තනතුරෙන්ද ඉවත් කර දමා තිබෙන නිසාය.
මේ පසුබිම යටතේ එජාප රොයිස් විජිතටත් ශ්‍රිලනිප ලලිත් ටෙන්සිල්ටත් දැන් අළුත් අභියෝගයක් අභිමුඛව තිබේ.
තිබේ එනම් වෙරළ කප්පම්කාරයන්ගෙන් ගලවා ගැනිම සම්බන්ධයෙනි.ඒ සදහා ඔවුන්ට දැන් සැලැස්මක් ඇතිදැයි අප නොදනිමු.
එහෙත් අභියෝගයක් ඇති බව පමණක් දනිමු.