මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ  නව විදුහල්පතිවරයා වැඩ අරඹයි

0
152


මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස,  මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ආනන්ද ලේකම්ගේ මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය. අද උදෑසන (2024/09/11), ශාන්ත පීතර දේවස්ථානයේ ඔහු පිළිගැනීමේ සහ ඔහුට අසිරි පැතිමේ දිව්‍ය පූජාවක්ද පවත්වන ලදී.
අනතුරුව ශාන්ත පීතර විද්‍යාලය වෙත පැමිණි ආනන්ද ලේකම්ගේ මහතාව,  එම  විද්‍යාලීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රදීප් නිශාන්ත පෙරේරා මහතා ඇතුළු ආදි ශිෂ්‍ය සංගම් නියෝජිත සමාජික සාමාජිකාවන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
ඉන් පසුව සිය රාජකාරී කටයුතු ආරම්භ කළ ආනන්ද ලේකම්ගේ මහතා එහි රැස්ව සිටි පිරිස හමුවේ පැවසුවේ ශාන්ත පීතර විද්‍යාලය  සෑම අංශයකින්ම දියුණු කිරීමට පාසලේ ගුරුවර ගුරුවරියන් සහ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ව කටයුතු කළ යුතු බවයි. එලෙසම ආදි ශිෂ්‍ය සංගම්වල සාමාජික සාමාජිකාවන්ගේ සහ පාසල් සංවර්ධන සමිතියේ දෙමාපියන්ගේත් සහාය ලබාගෙන මෙම පාසල දැනට පවතින තත්ත්වයට වඩා  සෑම අංශයකින්ම දියුණු කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා ඇප කැප වන බවත්  ප්‍රකාශ කළේය. එමෙන්ම ඔහු රැස්ව සිටි පිරිස හමුවේ වැඩිදුරටත් පැවසුවේ පාසල දියුණු කිරීමට සියලු දෙනාගේම සහයෝගය තමන් වෙත ලබාදෙන ලෙසයි.