මීගමුව  සමුපකාර ජන්දයේ ජය මාලිමාවට

0
81

මීගමුව විවිධසේවා  සමුපකාර සමිති මැතිවරණයේදී ජාතික ජනතා බලවේගයේ ආධාරකරුවන් ආසන 66ක් දිනා ගෙන ඇති බව වාර්තා වේ.  තරඟ කළ අනෙකුත් පක්ෂවල ආධාරකරුවන් ආසන 32ක් දිනාගෙන තිබේ.
මීගමුව විවිධසේවා සමුපකාර සමිති මහා සභාවට සාමාජිකයින් 100ක් තෝරා පත් කර ගැනීම සඳහා ඉරිදා සමුපකාර සමිති ශාඛා 33ක මැතිවරණය පැවැත්විණි. සමුපකාර සමිති ශාඛා 2කට කිසිවෙකු තරඟ කළේ නැත.

මැතිවරණ පැවති අනෙකුත් සමුපකාර සමිති ශාඛා අතුරින්, ජාතික ජනතා බලවේගය ජාතික ජනතා බලවේගයේ සහාය ඇතිව ශාඛා 17ක බහුතරයක් ලබා ගෙන ඇත.
ශාඛා දෙකක් සඳහා මැතිවරණ නොපැවැත්වූ බැවින්, මෙවර මහා සභාවට සාමාජිකයින් 98 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා තරඟයක් පැවතුනි. මෙයින්, ජාතික ජනතා බලවේගයේ ආධාරකරුවන් සාමාජිකයින් 66ක් දිනා ගත් අතර අනෙකුත් පක්ෂවල ආධාරකරුවන් ආසන 32ක් දිනා ගත්හ. මීගමුව සමූපකාර සමිති ඉතිහාසයේ මෙවර ජාතික ජන බලවේගයේ සහය ඇතිව බලය ලබා ගැනීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here