මීගමුව, හරිස්චන්ද්‍රයේ සිසුවෙකු , 05 වසර ශිෂ්‍යත්වයෙන් ගම්පහ දිසාව ජය ගනියි.

0
131

Harischndra Boy.-new
2011 වසර දහා පවත්වන ලද  05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල පසුගියදා නිකුත් විය. එලෙස නිකුත් වූ ප‍්‍රතිඵල සටහන අනුව මීගමු පුරවරයේ දරුවෙකු ගම්පහ දිසාවෙන්ම ප‍්‍රථම ස්ථානය හිමි කර ගැනීම සුවිශේෂි සිදුවීමක් ලෙස ස`දහන් කළ හැකිය. මෙම ජයග‍්‍රහනය තුලින් මීගමු පුරවරයටම පමනක් නොව ගම්පහ දිසාවටම අභිමානයක් එක් කල ඒ පුංචි පුතු සොයා ඔහු අධ්‍යාපයන ලබන මීගමුව හරිස්චන්ද්‍ර විiාලයට ගියෙමු .
ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 192 ක් ලබමින් ප‍්‍රථම ස්ථානය දිනු ඔහු නමින් ‘‘ නවෝද දුල්ෂාන් පෙරේරා ’’ යි. මීගමුව , කටුවාපිටිය ඩඞ්ලි සේනානයක මාවතේ අංක 40 – ඒ , දරණ නිවසේ පදිංචි ඔහු ගොඩනැගිලි කොන්ත‍්‍රාත්කරුවෙකු වන එස්.ඒ.ඞී. කි‍්‍රෂ්ටි ප‍්‍රණීත් සහ ජී.එච් මේනකා චාන්දනී යුවලගේ වැඩිමල් දරුවායි. 2001 වසරේ ඔත්තෝබර් 19 වැනි දින මෙලොව එලිය දුටු නවෝද දුල්ෂාන් ට මේවන විට හරිස්චන්ද්‍ර විiාලයේම අධ්‍යාපනය  හදාරන බාල සහෝදරයෙකු සහ පෙර පාසලක ඉගෙනුම ලබන බාල සහෝදරියකද සිටී. ඔහුගේ මව සහ පියාද හරිස්චන්ද්‍ර විiාලයේ ආදී සිසුවන් වෙති.
05 වසර ශිෂ්‍යත්ව විභාගය යනු දෙමව්පියන්ගේ විභාගයක් බවට පත්ව ඇති මෙවන් සමයක බොහෝ දෙමව්පියන් තම දරුවන්ට වෙනත් කිසිදු බාහිර කි‍්‍රයාකාරකමකට හෝ සම්බන්ධ වීමට ඉඩක් ලබා නොදී  නිරන්තරයෙන් තම දරුවන්ට බල කර සිටින්නේ කෙසේ හෝ ශීෂ්‍යත්ව විභාගය සමත්වන ලෙසයි. සමහර දරුවන්ට මෙවැනි තත්වයකට මුහුණ දීමට සහ එවන් තත්වයක් දරා ගැනීමට පවා අති දුෂ්කරය. එහෙත් එවන් තත්වයන්ගෙන් සහ එවන් බලකිරීම් වලින් තොරව තම අධ්‍යාපන කටයුතු රිසි සේ කර ගෙන යාමටත් කී‍්‍රඩා තර`ග වැනි පාසලේ බාහිර කි‍්‍රයාකාරම් හා සම්බන්ධ වීමටත්  නවෝද දුල්ෂාන් ට සිය මව් පියන්ගෙන් ඉඩ හසර ලැබී තිබිණි. එහෙත් එලෙස මව්පියන්ගෙන් ලද නිදහස අයුතු ලෙස භාවිතා නොකොට තමා ලද නිදහස තුලින් උපරිම ඵල නෙලා ගත් ඔහු සෑම දිනකම පාහේ රාති‍්‍රයේ එදින උගත් පාඩම් හෝරාවක දෙකකදී  පමන යලි අධ්‍යනය කලේය. මේ නිසාම ඔහු ඉතා සැහැල්ලූවෙන් කාලය ගත කලේය. ඔහුට විභාගය සම්බන්ධයෙන් අනිසි බරක් හෝ අනිසි බියක් නොවීය. දින පතා රුපවාහිනිය නැරඹුවත් එය  සිමාව ඉක්මවා යාමට ඔහු ඉඩ නොදුන් අතර විභාගය ස`දහා මුහුණ දීමටද , ඔහුට විශේෂිත සුදානම්වීමක් ද අවශ්‍ය නොවීය.
ඔහුගේ පන්ති භාර ගුරුතුමිය වන එම්.ඒ.ඞී. ලිලාමනී මහත්මිය ස`දහන් කරන්නේ
විiාලයේ ගුරුවර ගුරුවරියන්ගේ අවවාද අනුසාශනා පිලිගැනීම හා ඔවුන්ට ගෞරව කිරීම තුල නවෝද දුල්ෂාන් දරුවා විiාලයේ සැමගේම සිතා දිනා ගත් යහපත් දරුවෙකු බවයි. එලෙසම ඔහු පැකිලීමකින් තොරව විiාලයේ  බාහිර කටයුතු වලටද ඉදිරිපත් වන බවද ඇය පවසයි.
ඔහුගේ ආදරනීය මව මේනකා චාන්දනී මහත්මිය ස`දහන් කරන්නේ තමන් සමහර අවස්ථා වලදී පුතුගේ පාඩම් වැඩ වල දී අවශ්‍ය පැහැදිලි කිරීම් කර දෙන බවයි. එහෙත් තමන් නොදන්නා යම් විෂය කරුනක් වේ නම් එය පන්ති භාර ගුරුතුමියට දුරකථනයෙන් කථා කර ඒ පිලිබ`දව තමන් හරි හැටි පැහැදිලි කර ගෙන පසුව තම පුතුව දැනුවත් කරන බවද ඇය පවසයි.
එලෙසම ඔහුගේ පියා කි‍්‍රෂ්ටි ප‍්‍රණීත් මහතා පවසන්නේ තම පුතුට ඔහුගේ උපන් දින උත්සවයක් වැනි උත්සව අවස්ථාවලදී පවා  සෙල්ලම් බඩු වැනි දේ තැගි කිරීමෙන් වැලකී එවන් අවස්ථාවන් උපයෝගී කරගෙන තම පුතුගේ කියවීමේ රුචිය වැඞීමට පොත් පත්ම ත්‍යාග ලෙස ලබා දීමට කුඩා කල සිටම තමා සහ තම බිරි`ද කටයුතු කල බවයි. ඒ නිසා අද වන විට තම පුතු පොත් පත් කියවීමට රුචියක් දක්වන බවද ඔහු වැඩිදුරටත් ස`දහන් කරයි.
අනාගතයේ හොදින් අධ්‍යාපනය ලබා වෛiවරයෙකු වීම තම අරමුණ වී ඇති බව පවසන නවෝද දුල්ෂාන් පෙරේරා පුතුගේ එම සුභවාදී යහපත් බලාපොරොත්තුවට අපද මෙලෙස සුභ පැතුම් එක් කරමු .

තුෂාර රොහාන්

නවෝද දිල්ෂාන්  සමග ඡුයාරූපයේ සිටින්නේ ( වමේ සිට දකුණට )  ඔහුගේ පියා, මව , හරිස්චන්ද්‍ර විiාලයේ විදුහල්පති කීර්ති ඞී. අල්විස් මහතා සහ ඔහුගේ පන්ති භාර ගුරුතුමියයි.