මෙහි ඇති දෛවයේ සරදම වන්නේ මීගමුවේ මංකොල්ල කෑම් සදහා වැටබැදිමට පොලිසියේ උසස් නිළධාරින්ද කැදවා පසුගියදා මීගමුව පොලිසියේ රැස්විම සංවිධානය කිරිමට මුල් වු ඇමැතිවරයාගේ රටබීම හල ඉන් සතියකට පමණ පසු මංකොල්ල කෑමට ලක්ව තිබිමයි.
පුෂ්පා රන්ආභරණ සැලට යාබදව මීගමුවේ ඔරලෝසු කණුව ආසන්නයේ ඇති මෙම රටබිම හල කොල්ලකරුවන් පැන ඇත්තේ අද අලුයම 1 ට පමණය.
වාර්ථා වන අන්දමට හිඟන්නෙක් මෙන් වෙස්වලාගෙන මගි පදික තිරුවේ නිදා සිටි පසුව අලුයම නැගිට රටබිම හලේ ඉබ්බා කඩා කොල්ලය සිදු කර ඇත.
ඉදිරිපිට පිහිටා ඇති කඩයක සිටි අය මේ ගැන 119 අමතා දැනුම් දි ඇති අතර පමාවි හෝ පැමිණ ඇති පොලිසිය පසුව මේ කොල්ලකරුවන් කොටුකරගෙන ඇත.