මීගමුව KFC එකේ බැදපු කුකුල් මස් වල පණුවෙක් .??

0
350
සේවකයා ඇද සිටින කමිසයේ සදහන් වන්නේ KFC කියාය.

ATT3මාර්තු 10 වනදා මීගමුව KFC අවන්හලට ආහාර ගැනීම සඳහා  ගිය පාරිභෝගිකයෙකුට මෙම අප්‍රසන්න සිදුවීමට මුහුණදීමට සිදුව තිබේ. වෙලාව සවස 5 පසුව විනාඩි 6 ක් වන විට  මෙම පුද්ගලයා KFC එකේ ආහාර ගනිමින් සිට ඇත. එම අවස්ථාවේදී ඔහු ආහාරයට ගනිමින් සිටි   බැදපු  කුකුල් මස් කැබැල්ලේ පණුවෙක් තිබී අසුවී ඇති අතර එය ඔහු දෑසින්ම දැක තිබේ.
පසුව එම පාරිභෝගිකයා විසින් KFC එකේ සේවකයාට මේ පිළිබඳව පෙන්වා දෝෂාරෝපනය කර ඇති අතර ඔහු විසින් එම මොහොතේම 119 අමතා පාරිභෝගික අධිකාරීයේ දුරකථන අංකය ලබාගෙන එයට දුරකථන ඇමතුමක් ලබාදී  තිබේ. නමුත් ඒ මොහොතේ එම අංකයට සම්බන්ධකර ගැනීමට ඔහුට නොහැකි වී ඇති අතර පසුව ඔහු විසින් එම පණුවන් සිටි ආහාර සහ සේවකයන් පරීක්ෂා කරන අයුරු ඡායාරූප ගතකොටගෙන ඇත.  KFC අවන්හලේ  නිලධාරීන් විසින් එම මොහොතේම එම පණුවන් සිටි ආහාර ඉවත්කරගෙන ඇති අතර බිල් පත ද රැගෙන ඇත.මේ සිදුවිම පිළිබදව වැඩි විස්තර දැනගැනිම සදහා අප මීගමුව KFC අවන්හලේ කළමණාකරුව අද දින ඇමතූ අවස්ථාවේ ඔහු ඒ ගැන කිසිවක කිමට නොහැකි බව පවසා කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් විමසන ලෙස දන්වා දුරකථනය විසන්ධි කර තිබේ.
.
ATT1
මේ සිදුවිම සම්බන්ධයෙන් මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගෙන් විමසූ විට ඔහු පැවසූවේ අදාළ පාරිභෝගිකයා තමන්ට ඒ මොහොතේම පැමිණිලි කළා නම් ඒ පිළිබඳව මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කරන්නට තිබුණ බවයි.  තමනටත් මේ බව ආරංචි වු බවත් තවමත් එම නිල වෙබ් අඩවිය නරඹන්නට නොහැකි වූ බවත් පැවසූ මීගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ද්‍යෛ විජේලත් මහතා කියා සිටියේ  මේ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් මේ  වනතෙක් මීගමුව මහජන සෞඛ්‍ය කාර්යාලය  විසින් ආරම්භ කර නැති බවයි.

ATT5ATT4ATT6ATT2

http://www.bbncommunity.com/kfc-outlet-sri-lanka-serves-chicken-worms/