මීගමුව RDA එකේ අන්ධ නිළධාරියෙක් ..??

0
55

Negombo-News මීගමුව තෙල්වත්ත හංදියේ පිහිටි ෆුඩ් සිටිය ඉදිරිපිට කාණු කැට කැඩි ඇති බව අදාල බලධාරින් විසින් මීගමුව මාර්ග සංවර්ධන අධිකාරිය වෙත දැනුම්දි ඇත.

එහෙත් පසුගිය දින10 පුරාවටම කිසිදු ප්‍රතිචාරයක් එයට ලැබුනේ නැත.මේ ගැන පසුව අපි අපේ වෙබ් අඩවියේ පළකළෙමු.

ඒ පුවත පිළිබදව අප  අද දිනයේ විමසා සිටියේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉජිනේරුතුමියගෙනි.

ඇය ඉතා වගකිව යුතු නිළධාරිනියක් ලෙසින් මෙයට මැදිහත්ව ඇගේ තාක්ෂණික නිළධාරි මහතෙකුට භාරදෙන බව දන්වා සිටියේය.

පසුව අපට දුරකථන ඇමතුමක් ලැුබණි.ඒ 071 3467313 අංකයෙනි.කලබලයෙන් මෙන් කථා කළ නිළධාරියා අපට දොස් පවරා සිටියේ අප විසින් කළ මේ පැමිණිල්ල කරදයක් ලෙසිනි.

එතන කැඩි නැති බව චණ්ඩියෙක් සේ පවසා සිටි මේ නිළධාරියාගේ අවසානයේ කියා සිටියේ ඔයාල ෆුඩ් සිටියෙන් බඩු ගත්තත් එකයි නැතත් එකයි බොරු කියන්න එපා යැයි කියමින් දුරකථනය විසන්ධි කළේය.

මේ චණ්ඩි නිළධාරියා ගැන  අපි පවසා සිටි අවස්ථාවේ ඇය කියා සිටියේ ඒ සමබන්ධයෙන් පියවර ගන්නා බවය.

මෙවැනි චණ්ඩියන් ගැලපෙන්නේ මැර දේශපාලකයන්ටය. RDA ට නම් නොවේ.