මීගමු‌‌වේදී ඇතැම් අය කඩු භාවිත කර ඇති බව කාර්දිනල් හිමි යළිත් අවධාරණය කරයි !

0
72

CARDINAL 1මීගමුවේදී දෙපාර්ශ්වයක් අතර ඇතිවූ නොසන්සුන්තාවයේදී ඇතැම් පුද්ගලයන් කඩු ඇතුළු තියුණු ආයුධ රැගෙන පැමිණි බව අඟරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සදහන් කර තිබුනේ අද පැවති මාධ්‍ය හමුවකදිය.
මෙම මාධ්‍ය හමුවකදි උන්වහන්සේ තව්දුරටත් අවධාරණය කර තිබුනේ මීගමුවේ ඇති සියලු නිවාස පරීක්ෂා කරන ලෙසට රජයෙන් ඉල්ලීමක් කළද එය සිදුනොවුණ බවත් සඳහන් කළහ.
රජයේ සියළු ආරක්ෂක අංශ ක්‍රියාත්මක වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේය.
එබැවින් කාර්දිනල් හිමියන් විසින් දැනට අවස්ථා ගණනාවකදිම කරන ලද මේ චෝදනවා දැන් කෙලින්ම එල්ලවෙමින් ඇත්තේ ජනාධිතිවරයා දෙසටය.

.කෙසේ වෙතත් මිට පෙර පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මීගමුවේදී තියුණු ආයුධ භාවිත කිරිමක් සිදුනොකර ඇති බවත් ආරක්ෂක අංශකළ සෝදිසි මෙහෙයුම් හේතුවෙන් එසේ තියුණු ආයුධ භාවිත කිරීමක් සිදුනොවූ බවය.NGB damage 2

දැනටමත් පොලිසිය වෙත ලැබි ඇති ඇසින් දුටු සාක්ෂිවලදි නිවෙස් වලට පහර දිමට පැමිණි අයවලුන් අත තිබුනේ මොන ආයුධ දැයි තොරුතුරු දැනුම් දි ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.
දශක ගණනාවක් තිස්සේ සාමකාමි ලෙසින් පැවැති මිගමුව නගරය ඇතැමුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් නිසා අද අවුලට පත්වි තිබිම සැැබැවින්ම කණගාටු දායකය.