මීගමු අයවැය එජාපයේ සහයෙන් ජයගෙන , සීදුවේ එජාප පාලනය පෙරලන්න ඇමති ලංසා සැරසෙයි ?

0
95

NGB MC new( 9.30 am )  මේ දිනවල ප්‍රාදේශිය දේශපාලන කතිකාවන් අතර වැඩි කථාබහකට ලක්ව ඇති මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඒ ඒ පළාත් පාලන ආයතනවල අයවැය පිළිබදවය.
මේ අතර මිගමුවේ අයවැය ගැන මේ වන විට වැඩි කථා බහක් මතුව ඇත්තේ පොහොට්ටුවේ බහුතර බලයක් සහිත ජා-ඇලදි අයවැය පරාජයට පත්ව ඇති පසුබිමකය.
කොට්ටාශ 29 න් 19 ක්ම ජයගත් එජාපය මිගමුව තුල අයවැයට අදාලව දැවැන්ත පෙරලියක් කිරිම සදහා උපරිම හැකියාවක් සහිත ගම්පහ ඇති එකම මහනගර සභාව බවට පත්ව තිබේ.මේ නිසාම එක්තරා පොහොට්ටු දේශපාලකයෙකු සුපුරුදු පරිදි  එජාපයේ ඇතැම් නාගරික මන්ත්‍රිලා එදා මෙන්ම මෙවරත් තම වසඟයකට ගෙන මිගමුවේ අයවැය පරාද විමෙන් වලක්වා ගැනිමට මෙහෙයුමක් දියත් කොට තිබේ.

මිගමුව අරබයා තතු එසේ වුවද මේ දේශපාලකයාගේ දේශපාලන හාම්පුතාගෙන් ලැබුන දේශපාලන කොන්ත්‍රාත්තුවකට අනුව දිනවල  මේ දේශපාලකයා දැන් වලිකන්නේ සිදුවේ එජාප බලයක් සහිත නගරසභාවේ අයවැය පරාජය කර එජාප අනාථ කර දැමිමටය.

මේ දේශපාලන කොන්ත්‍රාත්ත වල නියම ස්වරූපය තේරුම් ගන්නේ නම් මිගමුවේ දි එකෙන්ම අයවැය පරදවනවා වෙනුවට විවිධ පුද්ගලික වාසි ප්‍රයෝජන තකා ජනතාවට පස්ස පැත්ත පෙන්විමට කව්රුන් හෝ මේ දිනවල සිතා සිටි නම් ඔවුන් තරම් ජනතා ද්‍රොහින් තවත් මිගමුවේ නැති වග මිගමු ජනයා හොදින් සිහි තබාගත යුතුය.

තම දියණියගේ නිවස තැනිමට සිමෙන්ති ලබා දුන් නිසා හෝ තවත් වරක දියණියක් විවාහ කර දිමට මුදල් ලැබිම නිසා හෝ මෙන්ම ලක්ෂ 26 පාරවල්වල මෙන්ම අභ්‍යාස පොත් ටෙන්ඩරයන් ලැබුන පමණින් තමන්ව ඉහලින් ඔසවා තබා කෝට්ටාශයටද ජයගෙන දි කරන ලද ඒ එජාප පාක්ෂිකයාගේ අභිලාෂය මිගමුව චෞර පවුලක ග්‍රහණයෙන් මුදවා ගැනිමට  ඇත්ත වගකිමක් මිගමුව් කොට්ටාශ 19 ම දිනාදුන් එජාප පාක්ෂිකයා වෙනුවෙන් මේ 19 නාටම පැවරි තිබේ
එයට පස්ස පැත්ත හරවා  එරෙහි වන කව්රුන් හෝ යනු මිගමු දේශපාලන ඉතිහාසය තුල සිටින දැවැන්ත ජනතා ද්‍රෝහින් පිරිස ලෙස ඉතිහාස ගත වනවාට සැක නැත.