මීගමු අයවැය පිළිබඳ වි⁣ශේෂ සභාවේදි නිලධාරින්ට බරපතල චෝදනාවක්!

0
50

NGB-commisionar-1මීගමුව මහනගර සභාවේ බහුතරයක් රාජ්‍ය නිළධාරින් සිය කටයුතු කරනු ලබන්නේ කිසිදු වෘත්තියභාවයකින් නොවේ.
ඔවුන් ඒ තරමටම දේශපාලන අධිකාරියේ ⁣හෙංචයියන් බවට පත්ව තිබේ.
මෙවර අයවැය අදාලව එක්තරා මන්ත්‍රිවරයෙක් සිය කොට්ඨාශයේ ජනතාව වෙනුවෙන් සිදුවිය යුතු සංවර්ධන කටයුත්තක් ගැන සදහන් කරමින් එවන ලද ලිපියක් අයවැය සමාලෝචන කමිටුවට ලබානොදි එය තමන් සන්තකයේ තබාගෙන සිටි මිගමුව නගාරික කොමසාරිස්වරියයට අද බරපතල චෝදනාවක් එල්ලවිය.
ඇය විසින් සිදුකළ මේ බරපතල වැරැද්ද නිසා නාගරික මන්ත්‍රිවරයෙකුට තම කොට්ටාශයේ සංවර්ධන කටයුතු අරභයා කල යෝජනාවට නිසිතැනක් මේ නිලධාරින්ගේ වෘත්තිමය නොවන ක්‍රියාකාරකම් නිසා හිමිනොවිම සැබැවින්ම අදාල කොට්ඨාසයේ බදුගෙවන ජනතාවට කරනු ලබන පැහැදිලි අසාධාරණයක්ද වේ.
මේ චෝදනාවන් සත්‍ය බව කියමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද මේ නිළධාරින් වෙත චෝදනා එල්ල කර සිටියේය.
මේ අනුව බලන කළ මිගමුවේ ඇතැම් උසස් රාජ්‍ය නිළධාරින් සිය වෘත්තියේ නියැලෙන්නේ ඉතාමත් නිහින ලෙසින් බව දිනපතාම දැන් ඔප්පුවෙමින් බැහැර කළ නොහැකි සත්‍ය බවට පත්වෙමින් තිබේ.