මීගමු අලුවා වලට තරගයක්

0
45

 

ඊයේ (11) මීගමුව ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය විසින් ලෝක කාන්තා දිනයට සමගාමීව සංවිධානය කරන ලද  මීගමුව අලුවා සෑදිමේ වැඩසටහනක් පැවැත්විණි. මෙම වැසටහනට මිගමුවේ කාන්තා සමිති කීපයක කාන්තාවන් සහභාගී වූහ.  මෙම අවස්ථාවට  කම්කරු  නියෝජ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය පා.මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා,  ක්‍රීඩා නි.අමාත්‍ය  සුගත් තිලකරත්න , සහ මීගමුව  සංචාරක වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති, ඒ. වර්ණකුමාර මහතා, මීගමුව ප්‍රා.ලේකම් මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය සහභාගී වූහ.

මේ අනුව මෙම වැටසටහනේදී මීගමු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කාන්තා සමිතිවල සාමාජිකාවන් අතරේ  ” මීගමු අලුවා” පිළියෙල කිරීමේ තරගයක් ද පවත්වනු ලැබීය.

ඒ අනුව මෙම තරඟයෙන් තෙවන ස්ථානය හිමිකරගත්තේ දුන්ගල්පිටිය, වේලක්කන්නි මාතා කන්තා සමිතිය වන අතර බෝලවලාන, එක්සත් මතා කාන්තා සමිතිය දෙවන ස්ථානය හිමි කර ගත්තාය. කණ්ඩායම් 13 ක් සහභාගි වූ මෙම තරඟයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ දකුනු පල්ලන්සේන, සුහදිනී කාන්තා සමිතිය විසිනි. තරඟය සඳහා සහභාගි වු සෙසු කණ්ඩායම් සඳහා සැනසිලි තෑගි පිරිනැමීමද මෙහිදී සිදුවිය.
ඉන් අනතුරුව  මෙම කාන්තා දින සමරුම් වැඩසටහනට සමගාමීව මීගමුවට ආවේණික ලොව පුරා ප්‍රචලිත වී ඇති ” මීගමු අලුවා ”  පිළියෙල කර ගැනීම  ප්‍රදර්ශනාත්මකව මෙහිදී ඉදිරිපත් කෙරිණි. ඒ අනුව  අලුවා පිළියෙල කිරීම ප්‍රදර්ශනාත්මකව මෙහිදී සිදු කළේ   ඒ පිළිබඳව විශේෂිත අත්දැකීම්  ඇති මීගමුව මුන්නක්කර ප්‍රදේශයේ වයස අවුරුදු 76 ක් වන ජසින්තා මහත්මිය විසිනි.

එලෙසම මීගමු අළුවා පිළියෙල කිරීමේ තරගාවලියෙන් ජයග්‍රහණ හිමිකරගත් කාන්තා සමිති  වලට ත්‍යාග පිරිනැමීමද ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම කාන්තා දින සැමරුම් උත්සවය සඳහා මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමිති වලට අයත් කාන්තාවන් විශාල පිරිසක් සහ  ” මීගමු අලුවා” රසට ප්‍රිය කරන සහ එය හරිහැටි පිළියෙල කිරීම  දැක බලා ගැනීමට  ප්‍රදේශවාසී කාන්තාවන් රැසක් ද මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ.

තරගයේ ප්‍රථම ස්ථානය-දකුණු පල්ලන්සේන,, සුහදිනි කාන්තා සමිතිය
තරගයේ ප්‍රථම ස්ථානය- දකුණු පල්ලන්සේන,, සුහදිනි කාන්තා සමිතිය
තරගයේ දෙවන ස්ථානය- බෝලවලාන,, එක්සත් මාතා කාන්තා සමිති
තරඟයේ තුන්වෙනි ස්ථානය — දුන්ගල්පිටිය,, වේලක්කන්නි මාතා කාන්තා සමිතිය
මීගමුව, මුන්නක්කරේ ජසින්තා මහත්මිය විසින් මීගමු අලුවා ප්‍රදර්ශනාත්මකව පිළියෙල කළ අයුරු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here