මීගමු ආ මෝරාට මොකද වුනේ ??

0
101

පසුගිය දිනක හලාවත මුතුපංතියේ ධීවරයෙක් හට හසුව තිබුනු දැව්ැන්ත මොරෙක් පිළිබදව අප ඔබට ඉදිරිපත් කළෙමු.දිගින් අඩි 23 ක් සහ පළලින් අඩි 8 ක් වු මේ මෝරා කෑලි තුනකට කපා මීගමුව ගෙනවිත් තිබුනේ මෝර තෙල් සදහා අලෙවි කිරිමටය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුවේ ධිවරයෙක් කියා සිටියේ මේ මෝරා ධීවරයන් අතර විවිධ නම් වලින් හදුන්වන්නට පෙළඹී ඇති අතර වැඩියෙන්ම භාවිතා වන්නේ තාරුකා මෝරා යන නම බවයි. එමෙන්ම ෛමකන්නියා යනුවෙන්ද එකි මෝර විශේෂය හදුවනු ලබයි.

කෑමට කිසි දිනක නොගන්නා මේ මෝර විශේෂය  මෝර තෙල් ලබාගැනිමට පමණක් ප්‍රයෝජනයට ගන්නා අතර ඇතැම් අවස්ථාවල මෙවැනි මෝරුන් ුඅසුවු විට දෙහිවල සත්තු උද්‍යානයට යවනු ලබන්නේ සතුන්ගේ ආහාර සදහාය.