තවදුරටත් ඈත මෑත බලනවිට ඇස ගැටෙන දේ එතරම් ප්‍රියජනක නොවීය. මාළුකටු ආදිය දැමූ පෝර උර, තැනින් තැන දමාඇති වෙනත් අපද්‍රව්‍ය , හිස් අරක්කු බෝතල් සහ එම බෝතල් බහාලන පෙට්ටි ආදියත් එම වීදුරු බෝතල් බිදදැමීමෙන් කැඩීගිය කැබලිද දක්නට තිබින. පුද්ගලික වුවමනාවන් සදහා මෙම ස්ථාන භාවිතාකර අපිරිසිදු කිරීම කොතරම් වැරදි සහගතදැයි මෙම දර්ශනයන්ගෙන් පැහැදිළිවේ.
සොබා දහමේ විශිෂ්ඨතම නිර්මාණය මිනිසාය. ඒමිනිසාම නැවත සොබාදහමේ විනාශයට අදාලව කටයුතු කරන්නේනම් එහි ප්‍රතිඵලය ද විනාශකාරීවීම වලකා ලිය නොහැක. අප සදහන් කළ මෙම කඩොලාන වනාන්තරයන් සොබාදහමේ දායාදයන්ය. එය රැකගැනීම මිනිසාගේ වගකීමක් සහ යුතුකමක් වනුඇත. කලපුවේ මඩ පොළව මත තැනින් තැන කුහර දක්නට තිබින. මෙය කකුළුවන්ගේ ජීවන රටාව නිසා ඇතිවු ප්‍රතිඵලයකි .ඒමත මඩ පස සරුවී කඩොලාන ශාඛය වැඩෙන බව පෙනේ. මෙවැනි ජලජ ජිවින්ගේ ක්‍රියාකාරීත්වය සොබාදහම පෝෂණය කරන අතර අනික් අතට සොබාදහම විසින් ඒ සියළු ජීවීන් රැක ගනියි.මෙසේ වැඩෙන ජීවීන් අතර කලපුවෙහි කිවුල් ජලයෙහි වැඩෙන මත්ස්‍ය ගණයා ධීවර ජනයාට කලපුව විසින් ප්‍රදානය කළ දායාදයකි. එමගින් ඔවුන්ගේ ජීවන ගමනට සහායක් ලැබේ.
මෙලෙස අන්‍යෝන්‍ය වශයෙන් ගොඩනැගීඇති කලපුව සහ මිනිසා අතර සම්බන්ධතාවය බිද වැටෙන ලෙස කරුණු සැකසී තිබිම කණගාටුවට කරුනකි. “කලපුව අපේ අම්මාය“ යන පාඨය පෙරදැරි කරගනිමින් පිරිසක් වරක් කලපුවේ අපද්‍රව්‍ය ගොඩ දමමින් මෙහෙයුමක් සිදුකරනලදී . එය අගයකළ යුත්තකි. එය අඛන්ඩව කිරීමට අද කිසිවකු නැත. මුන්නක්කරය , දූව, ලෙල්ලම(පිටිපන ) , මෝරවල, මේ ආදී ස්ථානයන්හි විවිධාකාරවු අපද්‍රව්‍ය බැහැර කිරීම මත සිදුවන විනාශය නොදන්නා කෙනෙක් නැත. නගරයේ පාලකයින් වන නගරසභාව, ප්‍රාෙද්ශීය ලේකම් කාර්්‍යාලය,පොලීසිය ,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, යන වගකිවයුතු අය සිටියදීම කලපුව දූෂණයට ලක්වේ. මෙම ආයතන මේ සියල්ල දැනදැනත් නොදන්නා සේ සිටිනබව මීගමු කලපුවට ආදරය කරන අයගේ අදහසයි.මේ නිසා මේ සදහා ජනතාව නිරන්තර අවධියෙන් සිටිය යුතුබව අපගේ අදහසයි මේ අනුව ඉදිරියේ දී තවදුරටත් අපේ විමසුම් ඇස මේ දෙසට යොමු කරන්නෙමු.
–