මීගමු කලපුව රැකගන්න බසියාවත්තේදී විශේෂ රැස්වීමක්.

0
89

 

මීගමුව බසියාවත්ත ප‍්‍රදේශයේ නීති විරෝධීව කලපුව ගොඩ කිරීම සහ ඊට ආසන්නව පිහිටි සංවේදී කඩොලාන ශාඛ විනාශ කීරීම යනාදී අනවසරයෙන් සිදුවන පරිසර විරෝධී කි‍්‍රයාවන් මැඩ පැවැත්වීමට ධීවර ප‍්‍රජාව කලයුත්තේ කුමක්ද ? යන්න පිලිබදව දැනුවත් කීරිමේ විශේෂ රැස්වීමක් පසුගිය ඔක්තෝබර් 07 වැනි ඉරුදින බසියාවත්ත දේවස්ථානයේදී පැවැත්විණි.

.මෙහි මුලසුන හෙබවුයේ අළුත්කූරුව අර්ධ මීසම් පාලක ගරු ප‍්‍රදීප් චමින්ද පියතුමාය. එහිදී එහි සභාපති ධුරය දරන දැනට කලපු කළමනාකරන අධිකාරියේ අංක 06 කම්ටුවේ ද සභාපති ලෙස කටයුතු කරන කි‍්‍රස්ටෝපර් දරිජු මහතා පැවසුවේ බසියාවත්තේ කලපුව විශාල ප‍්‍රදේශයක් මේ වන විට ගොඩකර ඇති බවයි. අක්කර 60 ක පමන කලපු ප‍්‍රදේශය සහ ඊට ආසන්න කඩොලාන ඉඩම් මෙලෙස විටෙන් විට ගොඩ කරමින් ඉදි කිරීම් කිහිපයක් ද එහි සිදු කර ඒවායේ විවිධ ව්‍යාපාරයන්ද පවත්වා ගෙන යන බව ඔහු පැවසීය.

එලෙසම ඔහු එහිදී වැඩි දුරටත් අවධාරණය කලේ කලපුව ආශී‍්‍රත කඩොලාන ශාඛයන්ද මෙලෙස විනාශ කර මත්ස්‍යයන් බිහි වීමත් මත්ස්‍ය වර්ධනයටත් ඇති මනා වටපිටාව මේ වන විට අත්තනෝමතිකව විනාශ කර මින් ඇති බවයි.

වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් සහ ප‍්‍රදේශයේ මහජන නියෝජිතයින් වූ දේශපාලන නායකයන් මෙම සිදුවීම් අරභයා මග හැරිමේ සහ නිද්‍රාශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවද මෙහිදී ප‍්‍රකාශ විනි . එමෙන්ම මෙම සංවිධානයේ සමාජිකයෙක් වූ බසියාවත්තේ පදිංචි ධිවර රැකියාවේ නිරත සුජිත් මහතාට කලපුව රැක ගැනිමේ ප‍්‍රයත්නයට කී‍්‍රයාකාරීව කටයුතු කරන නිසා ඔහුට මේ වන විට මරණ තර්ජනද එල්ල වී ඇත. තවද මෙම රැස්විමේදී කථා කල බොහෝ දෙනෙකුගේ අදහස වුයේ මෙවන් තත්වයක් තුල අන්සියළු බලවේගයන්ට වඩා ජනතා බලවේගය තුලින් මෙවැනි නීතී විරෝධී කී‍්‍රයාවන් මැඩ පැවැත්වීමට පෙරට ආ යුතු කාලය එළඹී ඇති බවයි.