මීගමු කලාපයේ සිසුවියන් දෙදෙනෙකුට GIT ප්‍රවේශය අහිමි වෙයි ද?

0
41

උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙනී සිටීමට ඇති සාමාන්‍ය තොරතුරු තාක්ෂණය   ( General Information Technology Examination )  විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය වන ප්‍රවේශ්‍ර පත්‍ර පසුගිය සතියේ මීගමුව අධ්‍යාපන කලාපයේ පාසල් වලට නිකුත් වී ඇති අතර මෙම විභාගය මෙම මස 19 වන සෙනසුරාදා පැවැත්වීමට නියමිතය. මීගමුවේ ප්‍රධාන පාසලක උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදෙනෙකුට  එම විභාගය සඳහා  ප්‍රවේශ පත්‍ර ලැබී නොමැති බව වාර්තා වන අතර , මෙම හේතුවෙන් ඔවුන් දෙදෙනාට මෙම විභාගයට පෙනී සිටීමේ අවස්ථාව අහෝසිවීමේ  අවාසානාවන්ත තත්ත්වයක් උද්ගතව තිබේ. මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන්  සොයා බැලූ විට ඇත්තටම සිදුවී ඇත්තේ ඉල්ලුම්පත්‍ර  පුරවා යැවීමට පෙර  පාසල තුළදී පන්ති භාර ගුරුවරයා අතින් හෝ එම රාජකාරිය භාරව සිටින අංශභාර ප්‍රධානීන් අතින් නිවරදිව අධීක්ෂණයක් සිදු නොවීමයි. මෙවැනි  සුළු අඩුපාඩුවක් නිසා මෙම ශිෂ්‍යාවන් දෙදෙනාට සාමාන්‍ය තොරතුරු තාක්ෂන විභාගයට පෙනීසිටීමට නොහැකි වුවහොත් එහි පාඩුව බලපාන්නේ ඔවුන්ගේ අනාගත අධ්‍යාපන ජීවිතයටය.  සිදුවී ඇති මෙම වැරැද්ද නිවැරදි කිරීමේ වගකීම ද පාසල් බලධාරීන්ට පැවරෙන අතර මෙම වැරැද්ද උසස් පෙළ පන්ති වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙතම පැවරීමේ උත්සාහයක්ද දරා ඇති බවත් වාර්තා වේ.keep-calm-and-good-luck-with-git-exam