මීගමු කලාප අධ්‍යක්ෂකතුමාට මාරුවීමක්

1
301

මීගමුව අවරුදු 2කට පෙර මීගමුව අධ්‍යාපන කාර්යාලයට පැමිණි අධ්‍යක්ෂක ජගත් පුෂ්පකුමාර
මහතාට  හදිසි  මාරුවීමක්  ලැබී තිබේ. මෙම මාරුවීම ලැබී ඇත්තේ මිනුවන්ගොඩ කලාප
කාර්යාලයටය.  ජගත් පුෂපකුමාර මහතා ශ්‍රී ලංකා අධ්‍යාපන සේවයේ පරිපාලන සේවයේ
01 වන ශ්‍රේණියේ නිලධාරියෙකි. ජගත් පුෂ්පකුමාර මහතාගේ සේවා කාලය තුළ මීගමුව කලාපයේ අධ්‍යාපන ක්්ෂත්‍රය තුළ යම් ප්‍රගතියක් ලබමින් තිබු  බවට සිදුවීම් කීපයක්  ඇති බවත්,
2011 වසරේ උසස් පෙළ ප්‍රතිපළ  ගුණාත්මක අගයක් ගැනීම  එක් කරුණක් බව එම ක්ෂේත්‍රෙ‍ෙය්  නිලධාරියෙකු අප හා පැවසීය. එමෙන්ම මීගමුව අධ්‍යාපන කාර්යාලය තුළ කලින් පැවති දේශපාලන ගැති ස්වභාවයෙන් මිදී නිර්දේශපාලනීකරණයකට වැඩ සංස්කෘතියක් ආරම්භ වී  තිබූ බවට ද තොරතුරු වාර්තා විය.  ජගත් පුෂ්පකුමාර මහතා ව මේ ලෙස හදිසියේ වෙනත්  පළාතකට මාරුකිරීම විධිමත් නීත්‍යානුකූල   ක්‍රියාවක් නොවන්නේ නම් දේශපාලන අත පෙවීමක් මේ මාරුකිරීම පිටුපස විය හැකි බව එම ක්ෂේත්‍රෙය් ඇතැමුන් සැක පළ කරති