මීගමු කිතුණුවෙකුගෙන් පාප්තුමන්ට ලැබුන අමතක නොවන සිහිවටනය.

0
55

Cliffered mලෝකයේම වැඩිම දෙනාගේ ආදරය පත් වු තැනැත්තා වු ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ශ්‍රි ලංකා සංචාරය මෙරට කිතුණු නොකිතුණු ජනතාව තුල අමතක නොවන මතක සටහන් රැසක් තබන්නට ඇත.
සියල්ලන් වෙත අසිමිත ලෙසින් පෙම්කළ පාප්තුමන්ගේ මේ සංචාරයේදි එතුමන් හටද අමතක නොවන සිහිවටනයක් දෙන්නට අමතක නොකළ අයෙකු විය.
ඇතැම් කිතුණු බලධාරින්ගෙන් පවා නිසි සහයක් නොලැබුනද තමන්ට ලැබුන මේ අනගි අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් ඔහු සිය දුත මෙහෙවර නිම කලේය.
ඒ සියල්ලේ ප්‍රථිඵල අමතක නොවන සේ සටහන් තැබු ඔහු එය වඩාත් සුරක්ෂිත කරන්නට අගනා ඇල්බමයක් මතට ගොනු කළේය.
පාප්තුමන් සිය ලංකා සංචාරය නිමවා පිලිපිනය බලා යන්නට විනාඩි ගණනක් තිබියදි එතුමන් අතට පත්වු මේ අගනා ඇල්බමය යනු එතුමන්ගේ මුලු ලංකා සංචාරයකම අලෝකයෙන් සටහන් තැබු මතක පොතම විය.
එහි නිමැවුම්කරුවා මීගමුවෙන් බිහිවු දක්ෂතම කැමරා ශිල්පියෙකු වු ක්ලිෆඩ් මරේය.