මීගමු දේශපාලකයෙකුට රු කෝටි ගණන කොමිස් කුට්ටියක් ?

0
190

මිගමුව නගරයේ කුප්‍රකට දේශපාලකයෙකුට දැවැන්ත කොමිස් මුදලක් මේ වන විට එකතු කර දිමට මිගමුවේ තවත් කුප්‍රකට නිලධාරියෙකු කටයුතු කරමින් සිටින බව නම සදහන් කිරිමට අකමැති වු නාගරික මන්ත්‍රිවරයෙකු මිපුර අමතා පවසා සිටියේය .
දැනට ක්‍රියාත්මක කිරිමට නියමිත ඩඩ්ලි සේනානායක වෙළද සංකිර්ණය , පුස්තකාලය සහ පාරවල ආදි සංවර්ධන ව්‍යාපෘතිවල ඇස්තමේන්තු ගත වියදම දළ වශයෙන් රුපියල් කෝටි 70 ක් පමණ වන අතර මින් 5% කොමිස් මුදලක් මේ කුප්‍රකට දේශපාලකයාට හිමිවිමට නියමිත අතර ඒය දලවශයනේ රු කෝටි තුනකටත් වඩා වැඩිමුදලක් බව අදාල නාගරික මන්ත්‍රිවරයා වැඩිදුරටත් හෙළිදරව් කර සිටියේය .
අම්පාරේ සිට පැමිණ දැනටමත් කෝටිපතියෙකු වි සිටින මිගමුව මහනගර සභාවෙ කුප්‍රකටම නිළධාරියා මේ කොමිස් ගණුදෙනු හසුරුවනු ලබන ප්‍රධානියා බවද සැලය.