මීගමු දේශපාලනය තුල ලංසා ,කාවින්ද නාටකය ?

0
53

Dr. Kavindaඇමතිධුර කෝටි ගණන් බඩු බෙදිම් සියල්ල තිබියදි මීගමුවේ ලංසාලාගෙ දේශපාලනය පොලොවෙන් අතුගා දැමෙන්නේ මීගමුව එජාප සංවිධායක රොයිස් විජිතගේ නායකත්වය යටතේ  දැවැන්ත ලංසා විරෝධි ක්‍රියාකාරි මෙහෙයුමක් තුලය.
මීගමුව තුල දශකයක කාලයක් විරාජමානව සිටි ලංසා පවුල මැතිවරණය දේශපාලනය තුල දැන් කොන් වි හමාරය.
මේ නිසාම මීගමුව දේශපාලනය තුල රොයිස් විජිත භුමිකාව අතිශය වැදගත්ය.
මේ පසුබිම තුල රොයිස්ට එරෙහිව දැන් අශුද්ධ සන්ධානයක් ගොඩනැගෙනමින් තිබේ.එහි මුලිකත්වය ගෙන කටයුතු කරන දෙදෙනෙකු වේ.
එ් නිමල් ලංසා සහ කාවින්ද ජයවර්ධනය .
රොයිස් විජිත යටතේ පෙරට එන්නට තරම් පෞරුෂයක් නැති මීගමුවේ කල්ඉකුත් වු චරිත කිපයක් ද මේ අශුද්ධ සන්ධානයට දරදිය අදිමින් සිටිති.
ඒ අයට ජිවිතේට ජන්ද වලින් ගොඩයන්නට බැරිය.
මේ නිසාම මේ සියල්ලො එක්ව දැන් මේ දත කන්නේ රොයිස්ට එරෙහිව මේ අශුද්ධ සන්ධානය හැදිමය.
පසුගිය කාලය තුල පැවැති ධීවර විරෝධතාවයේදි ක්‍රියාකාරි මැදිහත්විමක් සිදුකර ධිවරයන්ව මහපාරෙන් මහනගර සභා පරිශ්‍රයතුලට ගෙනඒමට පසුබිම සැකසු රොයිස් විජිත කපා දමමමින් කාවින්ද ජයවර්ධන වලිකැවේ එයා පොරවෙන්නටය.
ඒ නිසාම ලංසාගේ අතේ එල්ලි ධීවරයන්ගේ විරෝධතාවය අවසන්වු දිනයේද මැදට පැන ලොක්කෙකු සේ සිටිනු දක්නා ලදි.
එහෙත් ඔහුට අමතක වු එක් දෙයක් වෙයි.
එනම් තමන් පැමිණ මේ වදුරු කරනම් ගහන්නේ කෝටිපති ලංසලාගේ බඩුබේදිමේ දේශපාලනය  වලපල්ලට යවා 34000 කින් මීගමුව දිනවු රොයිස් විජිත නම් වු දේශපාලකයාගේ බලඅඩවියට බවය.
කාවින්දගේ නිසාචර මීගමු සංවාර සදහා වලංගු නොවන එක් ප්‍රතිපත්තිමය කරුණක් දේශපාලනමය කාරණ සදහා වැදගත්වේ.
ඔහු සදාචාර සම්පන්න දේශපාලකයෙකු නම් ඔහු ඒ කලාපයේ දේශපාලකයාට දැනුම් දිමක් කළ යුතුව තිබේ.
එසේ නොකරන්නේ නම් එහි ප්‍රශ්ණය ඇත්තේ ඔහුගේ දේශපාලන ඡන්මය පිළිබදවය.
රේමන්ඩ් ජයමාන්න