මීගමුවට අතිශයින්ම වැදගත් වන PCR පරික්ෂණ ප්‍රථිපල තවමත් ලැබි නොතිබිම ගැන ධිවර ප්‍රජාවේ බහුතරයක් දෙනා සිය කණස්සල්ල පළ කර කර සිටිති.
ඊට හේතුව වන්නේ දැනටමත් රටපුරා පෑලියගොඩ කේන්ද්‍රකොට ගනිමින් අසාදිතයන් මෙන්ම එකි ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ද හමුවෙමින් තිබෙන පසුබිමකය.
පෑලියගොඩ හා සෘජු ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වු අය සහ මිගමුව පිටිපන මහලෙල්ලමේ 320 දෙනෙකුගේ PCR පරික්ෂණ පිටිපන මහලෙල්ලම් භුමියේදි සිදුකර තිබුනේ පසුගිය සිකුරාදාය.
එහෙත් ඊයේ සවස් වන තුරුත් එහි ප්‍රථිපල ලැබි තිබුනේ නැත.