අළුත් අවුරුද්දේ කාර්යාල බලා අද පිටත්වන බහුතරයක් සේ මීගමුවේ ධිවරයන්ද අද අලුයමින් නැගිට සිය රැකියාවන් සදහා මුහුද බලා පිටත්ව ගොස් තිබුණි.
ඒත් රැකියාව ගිය පළමු දිනයම ධිවරයන්ට සුබ නැතැයි ඔවුහු කියා සිටිති.


අද බොහෝ දෙනෙකුට හාල්මැස්සන් පවා අසුවි තිබුනේ යන්තම් තෙල් සල්ලිවත් බේරගැනිමට නොහැකි තත්වයක් තුලය.
ඇතැම් බෝට්ටු හිමියන් කියා සිටියේ යන්තම් හාල්මැස්සන් කිලෝ කිපයක් අසුව තිබුණද එය තෙල් වියදම් පියවාගැනිමට පවා ප්‍රමාණවත් නොවන බවය.





කොරෝනා හේතුවෙන් මාළු කැම ගැන හට ගෙන බිය මෙන්ම වෙළදුන් වෙනදා මෙන් මිගමුව වැල්ලට නොපැමිණෙන තත්වයක් තුල අල්ලා ගත් හාල්මැස්සන් පවා කරවල සදහා කුණු කොල්ලයට දිමට අද පලමු දවසේම මුහුදට ගිය මේ ධිවරයන්ට සිදුව තිබේ.
කරවල සදහා අද හාල්මැස්සන් කිලෝවක් දි තිබුනේ රු 60 කටය.
හෙටත් අලුයමින් නැගිට මුහුද යන්නේ අදට වඩා හෙට හොද වෙයි යන බලාපොරොත්තු ඇතිව බව මේ ධිවරයෝ පවසා සිටිති

