මීගමු නගරාධිපතිගේ කීකරුම T.O ගේ නෝනාගේ රියදුරු ,මිගමු ජනයාගේ බදු මුදලින් පඩිලබන කම්කරුවෙක්?

0
63

NGB MCමීගමුව මහනගර සභාව යනු බන්ධනාගාරයටත් එහා ගිය දුෂණ වංචා වලින් පිරුණු තැනක් බවට පත්ව තිබේ.මහජන මුදල් අයථා ලෙසම යොදා ගැණුනද ඒවාට එරෙහිව වන්නට කව්රුත් නැත.නාගරික කොමසාරිස්වරිය යනු සියධුරයටත් නිගා දෙන අන්දමට ක්‍රියාකරන තැනැත්තියක් වන අතර ඇගේ අයථා ගණුදෙනුවලට දේශපාලන අධිකාරියේ ආරක්ෂාව ආවරණය ලබාගැනිම වෙනුවෙන් ඇය දේශපාලන අධිකාරියට අතදිගහැරම වැරදි කරන්නට ඉඩලබා දි තිබේ.විපක්ෂය යනු නමට පමණක් ඇති ආණ්ඩු පක්ෂයේ වලිගයක් වැනිය.
මේ පසුබිම තුල පළාත් පාලන නීතිය මිගමුව තුල වල් වැදි ඇත.
මිගමුව නගරාධිපතිගේ සමිපතම කිකරුම ගෝලයා වන තාක්ෂණික නිලධාරියාගේ බිරිඳගේ ව්‍යාපාරික කටයුතු කරගැනිමට කොළඹ යැම සදහා පසුගියදිනක මහනගර සභාවේ ව්‍යාපෘති කම්කරුවෙකු පඩි පිට කොළඹ යවා තිබෙන බව වාර්ථාවේ.
ව්‍යපෘති කම්කරුවන් නගරාධිපතිගේ දේශපාලන ව්‍යාපෘති සදහා යොදවා ඒවාට බොරු වාර්ථා සකසන්නේද මේ තාක්ෂණික නිලධාරියා විසිනි.අම්පාර වැනි දුෂ්කර ප්‍රදේශයකින් පැමිණ වසර ගණනාවක් නොකඩවා මිගමුවේම රැදි සිටිමන් කෝටිපතියෙකු ගේ වැනි නිවසක් තනාගන්නට තරම් මේ තාක්ෂණික නිළධාරියාට හැකිව තිබෙන්නේද පසුගිය දශකය පුරාම ලංසා පවුලට බැලමෙහෙවර කිරිම නිසාය.
මේ අනුව මිගමුව නගර සභාව සිය ක්ෂේත්‍රයේ නිළයන්ගේ වෘත්තිය ගරුත්වයද එහෙම පිටින්ම පවා දි ඇති දේශපාලකයන්ට රිසි සේ නීතිය නමන  ඇතැම් නිලධාරින් නිසා අවංකව වැඩකරන්නට උත්සාහ ගන්නා අයටද ඉතිරිව ඇත්තේ කළකිරිම පමණි.