මීගමු නගරාධිපති මන්ත්‍රීවරියන් පිරිසක් සමගින් බැංකොක් සවාරියක !

0
84

BKK night lifeමිගමුව නගරාධිපති දයාන් ලංසා සහ හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීර පොහොට්ටු මන්ත්‍රීවරියන් පිරිසක් සමගින් බැංකොක් සාවාරියක් ගොස් ඇතැයි වාර්තාවේ.
නගර සභාව බරපතල මුල්‍ය අර්බුදයකට පත්ව ඇති අවස්ථාවක මෙම සංචාරය සදහා මුදල් වැය කර ඇත්තේ කව්දැයි යන්න පොහොට්ටුවෙි ඇතැම් මන්ත්‍රීන්ටම දැන් ගැටළුවක් බවට පත්ව තිබේ.
මේ අතර කටුවාපිටිය දේවස්ථානයේ පාස්කු දින සිදුවු ව්‍යසනය හමුවේ මිගමුව මහනගර සභාව ආධාර ඉල්ලා දෙස් විදෙස් අයවලුන් අතර පුලුල් ප්‍රචාරයක් ගෙන ගොස් තිබුණි.
ඒවා පිළිබදව විනිවිදභාවයේ ගැටළුද මේ වන විට  මතුවඇතිබවට පොහොට්ටුවෙි ඇතැම් මන්ත්‍රීලා අතරම දැන් කසුකුසුවක් මතුව තිබේ.
මේ සියල්ල සිදුවෙමින් ඇත්තේ ලංසා පවුල දේශපාලන වශයෙන් දැවැන්ත  පිරිහිමකට ලක්ව ඇති පසුබිමකය.මුස්ලිම් සමාජයෙන්ම මෙන්ම කාර්දිනල් හිමි ඇතුළුව  කිතුණු ජනයාගේද විරෝධය මේ වන විට ලංසා පවුල වෙත ප්‍රධාන වශයෙන්ම එල්ලවෙමින් තිබේ.
මෙය වඩාත් බරපතල වෙමින් ඇත්තේ යන්තම් අටවාගෙන ඇති මිගමුවේ පොහොට්ටු පාලනයට හේත්තුවි සිටින මුස්ලිම් නාගරික මන්ත්‍රිවරුන් මතුවෙමින් ඇති අර්බුදය හමුවේ කිසියම් හෝ මොහොතක ලංසා පාලනයෙන් ගැලවිම යාමට ඇති ඉඩකඉඩ දැන් ඉහල යමින් තිබිම හේතුකොටගෙනය.