හිටපු නගරාධිපතිවරයෙකු වු ආනන්ද මුණසිංහ විසින් අරඹන්නට යෙදුන මේ පාදඩකරණ සංස්කෘතිය පිමි පනිමින් වර්ධනය වුයේ නිමල් ලංසා මීගමුව මහනගර සභාවට පත්විමත් සමගින්ය.
සුද්දෙකු මෙන් ටයි ඇද පිරුවට ෂර්ට් පැලද චාම් මාක් එක පැය 24 පුරාවට රගදැක්වුවද මීගමුවේ දේශපාලන සංස්කෘතිය ලංසා පවුලට යටත් කර දි තාත්තාගේ හා මල්ලිගේ බූදලයක් බවට පත්කරන ලද්දේ නිමල් ලාංසා විසිනි.
එබැවින් නිමල් ලංසා යනු මීගමු සංවර්ධනයේ පෙරගමන් කරු නොව මීගමුව සමාජය පාදඩකරණයට කැදවාගෙන ගිය ගමනේ පෙරගමන් කරුය.
පැවැති සියළු මැතිවරණ වලදි මෙන්ම මෙවරත් දායන් ලංසාගේ සියළු බඩියන් දැන් රාජකාරි කරන්නේ තෙල්වත්තේ හංදියේ පිහිටි මහනගර සභාවේ නොව එම හංදියේම පිහිටි ඇමති ලංසාගේ මැතිවරණ කාර්යාලයේදිය.
ගිනිනිවන ඒකකයේ ලොක්කන් සිටින්නේද ගල්කන්ද හංදියේ නොව තෙල්වත්ත හංදියේය.
මීගමුව නගරධිපතිට දැන් ගිණිකන වැටුනු ගානය. මේ කිසිවක් පෙන්නේ නැත.පෙනෙන්නේ ලබන ඔක්තෝබර් මාසයෙන් පසු සියල්ල පොදිබැදගෙන යලිත් පිටිපන බලා ගමන් කරන අයුරු පමණකි.