මීගමු පොත් වංචාව ගැන ගම්පහෙනුත් විශේෂ විමර්ශනයක් !

0
214

මීගමුව මහනගර සභාවේ ලාංඡනයද සහිත පොත් තොගයක් පසුගියදා මිගමුවේ පොත්කඩයක තිබි විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් විසින් සොයාගෙන පොලිසියට පැමිණිලි කිර තිබුණි.
මිගමු මහනගර සභාවේ දැවැන්ත වංචා දුෂණ මෙතෙක් කල් ජාතික මාධ්‍යලින් වාර්තාවිම වලක්වා ගැනිමට විවිධ උපක්‍රම භාවිතාකරමින් සිටි පාලකයන්ට මේ පොත් වංචාව රටට හෙළිකිරිම වලක්වාගැනිමට නොහැකිව තිබුණි.
ඒ තත්වය තුල ස්වාධින රූපවාහිනිය පවා සිය ප්‍රධාන සිරස්තල 4 න් එකක් ලෙසින් මේ පුවත් ඉහල අවධානයක් සහිතව විසුරුවා හරින්නට කටයුතු කර තිබේ.
දැන් මිගමුවේ පොත් වංචා ගැන රටේම කථාබහට ලක්ව තිබේ.
මේ පසුබිම තුල මෙතෙක් මේ මහනගර සභාවේ හොරකම් වංචා දුෂණ ගැන නෑසු කන්ව සිටි ඉහල බලධාරින්ද අවදිවි ඇති සෙයකි.
ඒ අනුව පළාත් පාලන කොමසාරිස්කාර්යාලය විසින් විශේෂ විමර්ශණයක් මේ වනවිට ආරභා ඇති අතර ඒ ගැන කළබල වි ඇති මිගමු නගාරික කොමසාරිස්වරියගේ කාර්ය මණ්ඩලය ඊයේ දිනයේ නාගරික මන්ත්‍රිවරුන් අමතා කියා තිබුනේ පැය භාගයක් තුල ඔවුන් පොත් බෙදා ඇති ආකාරය සටහන් කර ඇති ලයිස්තු මහනගර සභාවට ලබාදෙන ලෙසය