මීගමු පොහොට්ටුවේ අර්බුදයක් ! මන්ත්‍රින් 16 ක් කණ්ඩායම් රැස්විම වර්ජනය කරති !

0
96

sunil silva MCදැනට කලක පටන් මතුව ඇති සරත් ලංසා පාර්ශවයේ ශිතල යුද්ධය අද යළිත් වරක් මිගමුවේ පොහොට්ටුවේ කණ්ඩායම් රැස්විම තුලදිද මතුව තිබුණි.
එනම් අද පෙරවරුවේ පැවැති කණ්ඩායම් රැස්විම හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැති නිසා ශ්‍රිලනිපයේ සහ පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් මෙන්ම ස්වාධින කණ්ඩායම්ද එක්ව 16 දෙනෙකු විසින් වර්ජනය කර තිබිමයි.
25 දෙනෙකුගෙන් සමන්විත නාගරික මන්ත්‍රි මණ්ඩලයෙන් මේ අනුව අද රැස්ව තිබුනේ මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රිවරියන් 9 දෙනෙකු පමණි.
මේ පිළිබදව අප කළ විමසුමකදි දැනගන්නට ලැබුනේ පොළවල් පිළිබද මතුව ඇති ගැටළුවක් මේ බෙදිමට හේතුවි ඇති බවය..