මීගමු පොහොට්ටු මන්ත්‍රීලා කාණුවලිනුත් ගසාකන හැටි මෙන්න !⁣

0
539

IMG-20191009-WA0032

මීගමුව , දළුපත , ගල්කටුව පාරේ එක නිවසක් ඉදිරිපිට අැති කානුව මෙම ප්‍රදේශයේ නාගරික මන්ත්‍රී සේපාල මොරවක විසින් දෙවන වරටත් පිළිසකර කරන ලදී.
පලමුවර මෙම කානුවට අදාලව අනවශ්‍යය ලෙස පාර මැදින් කපා පාරෙන් අනෙක් පැත්තට ජලය ගලායන සේ කෘතිම ආකාරයකින් අළුත් වැඩියා කරන ලදී. මෙහිදී ප්‍රදේශවාසීන් මෙයට එරෙහිව පෙත්සම් ආදිය ඉදිරිපත් වගකිවයුත්තන් දැනුවත් කල නමුත්
නමුත් සේපාල ⁣මොරවක ඒ කිසිවක් කෙරෙහි අවධානයක් දූන්නේ නැත .
මෙම අවස්ථා දෙකේදීම ගිය වියදම ලක්ෂ 3බැගින් අවස්ථා දෙකටම ලක්ෂ 6ක් බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙති. නමුත් මෙම කානුවෙහි වෙනස් කම සිදු කරන්නේ මෙහි ස්වභාවිකව ජලය ගලායන ඇල මාර්ගය තිබියදීය .
මීගමුව නගරසභාවේ තාක්ෂනික නිලධාරි මහතා ගේ අනුමැතිය ලැබී නොතිබියදී මෙසේ තමන්ගේ අභිමතයට ජනතා මුදල් පරිහරණය කිරීම වැරදි බව පැහැදිළිය. එසේම මෙකී වැරැද්දට ඉඩ දෙමින් මෙම නාගරික මන්ත්‍රී වරයාගේ වැරදි සහ අදූරදර්ශි ක්‍රියාවන්ට ඉඩ දෙන්නේ අැයිද? යන්න ප්‍රශ්ණයකි.
මීගමුව නගරයේ කානු ,පාලම් පවා අතයට ගනුදෙනු සඳහා යොදා ගන්නා ආකාරය රහසක් නොවේ. නමුත් මෙය මහදැනමුත්තාගේ නුවණ සිහිපත් කරවන වැඩක් බව කිවයුතුය . මෙම කානුවේ ජලය බැස යායුත්තේ පහල සිට ඉහලටය. මේ අනුව අප වගකිවයුතු අයට ඇඟිල්ල දිගුකරනවා සේම ප්‍රදේශවාසීන් වශයෙන් මෙය ප්‍රශ්ණ කල යුතුව ඇත .