මීගමු බස්නැවතුම් පළේ උඩුමහල බොරළු සමන්තලාට?

0
104

negambo-bus-terminal1_700_0මීගමුව බස්නැවතුම් පළේ උඩුමහල ඇමති ලංසාගේ සමිපතම ව්‍යාපාරික සගයා වන බොරළු සමන්ත නැමැත්තාට ලබාදි ඇතැයි වාර්ථා වේ.
බස්නැවතුම ඉදිකරන සමයේ ඇමති ලංසා විසින්ම ඇනවුම් කරන ලද ටයිල් ප්‍රමිතියෙන් තොරවිම නිසා පුපුරා ගොස් ඇති අතර එකි ටයිල් ඉවත්කරමින් ටෙන්ඩර්යේ මිළ තවත් පහලට දමා බොරළු සමන්තට මේ සහනය අත්කර ඇත.
මේ ව්‍යාපාරික ගණුදෙනුව සදහා ඇමති ලංසාගේ හෝටලයක් බලාකියාගන්නා චන්න නැමති සගයාද හවුල් බව සැලය.
මීට වසරකට පමණ ඉහතදි රු ලක්ෂ 1300 කට මීගමුවේ සංචාරක කලාපයේ හෝටලයක් ඇමති ලංසා මිළට ගෙන ඇත්තේද බොරළු සමන්තගේ නමිනි.
බස්නැවතුමේ ඉහල මාලය සිනමා ශාලාවක් තැනිම සදහා යැයි ටෙන්ඩර මගින් ලබාගෙන ඇති අතර චිත්‍රපට බැලිමට සෙනඟ නොපැමිණෙන මෙවන් සමයක මේ ඉදිකිරිමට යන සිනමා ශාලාවක් කුමක් සදහාදැයි යන ප්‍රශ්ණයද දැන් මතුව තිබේ.