මෙවර මහ මැතිවරණය සඳහා මීගමුව ආසනයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට ඇස් කන්නාඩිය ලකුණ යටතේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මනාප අංක 10 යටතේ තරඟ කරන්නේ කපිල නන්ද සුලෝචන මහතායි. ඔහු මීගමුව මහා නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි. මීගමුව මහා නගර සභාව තුළ සිදුවන වංචා දූෂණ , මුදල් අක්‍රමිකතා හා ටෙන්ඩර් මගඩි ඇතුළු අනීතික ක්‍රියාවලින් සහ අයථා ගනුදෙනු පිළිබඳ ඔහු නගර සභාව තුළදීත් ඉන් පිටතදීත් විශාල හඬක් නැගූ නාගරික මන්ත්‍රීවරයෙක් ලෙසද ප්රකටය. ඔහු සමගින් කළ කෙටි පිළිසඳරක් පහත පළවේ
ඔබේ පවුල් පසුබිම සහ, ඔබ දේශපාලනයට පැමිණීම පිළිබඳව විස්තර ටිකක් කෙටියෙන් දැනගන්න කැමතියි.?
මම ඉපදුනේ මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ. මගේ තාත්තා බී ආරියසේන පෙරේරා . ඔහු බ්‍රවුන්ස් බීච් හෝටලයේ සේවය කලේ. මගේ මව මුල් කාලයේ ලංකා පිඟන් සංස්ථාවේ රැකියාවක් කලා. පසු කාලේ ඇය රැකියාවට ගියේ නෑ. මගේ පවුලේ සහෝදර සහෝදරියෝ හත් දෙනයි. මම තමයි පවුලේ බාලයා. මට වැඩිමල් සහෝදරයෙක් සහ වැඩිමල් සහෝදරියෝ පස් දෙනෙක් ඉන්නවා.
මම පාසැල් ගියේ මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයට.මම සාමාන්‍ය පෙළට ඉගෙන ගත්තේ පෞද්ගලික ආයතනයකින්. මම විභාගයට පෙනී සිටියෙත් පෞද්ගලික අයදුම්කරුවෙක් විදිහට. ඉන් පස්සේ ඒ විභාගයෙන් සමත් වෙලා ඒ වෙලාවෙ තිබුණු ආර්ථික ප්‍රශ්නත් මට එක දිගටම අධ්‍යාපන කටයුතු කරගන්න බැරුව ගියා
පස්සේ මම ම මුදල් හොයාගෙන තමයි පෞද්ගලික ආයතන හරහා උසස් අධ්‍යාපනය හැදෑරුවේ .
ඉන්පසු මම රැකියාවකට පිවිසෙනවා මීගමුව, ටෙක්නෝ ලයිට් ආයතනයේ සේවකයෙක් විදිහට රැකියාවට බැඳෙනවා.පසුව මම එහි සුපයිසර්වරයෙක් බවට පත්වුනා. මම පාසල් යන කාලේ ඉඳලම ගමේ තිබුණු විවිධ සමිති සංවිධාන වල සාමාජිකයකු බවට පත්වුණා. මංකුලිය ප්‍රදේශයේ තිබුණා සාන්ත අන්තෝනි යෞවන සමාජය කියලා එකක්. ඔය යෞවන සමාජය හරහා මම ජාතික තරුණ සේවා සභාවට යොමු වුණා. එහි සමාජිකයෙකුට යන්න පුළුවන්, ඉහලම තැනට යන්න මට හැකියාව ලැබුණා. ඒත් එක්කම මම මත්ද්‍රව්‍ය නිවාරණ සමිති සමාගම් වල ඉඳලා තියෙනවා. මීගමුව බදු ගෙවන්නන්ගේ සංගමයේ ඉඳලා තියෙනවා.විවිධ වූ ආගමික සමිති සංවිධාන වල සාමාජිකයෙකු වෙලා ඉඳලා තියෙනවා.ඒ වගේම නොයෙකුත් සමාජ සුභසාධන සේවා සංවිධාන ඇතුළු සමිති සංවිධාන 25 කට වැඩි ප්‍රමාණයකට සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා. ඒත් එක්කම මට වයස අවුරුදු 14 ක් වගේ වෙද්දි තමයි මම දේශපාලනයට සම්බන්ධ වුනේ.
වයස අවුරුදු 14 කියලා කියන්නේ බොහොම පොඩි වයසක්. එතකොට ඔබ කියන්නේ ඒ වගේ පොඩි වයසකින් ඔබ දේශපාලනයට සම්බන්ධ වුණා කියලද ?
ඔව්, අපේ ප්‍රදේශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වුනු දේශපාලන පවුලකින් පැවත එන පුද්ගලයෙකු වෙනුවෙන් ඔහුගේ ජයග්‍රහණය සඳහා ගෙයින් ගෙට ගිහින් කරන කැන්වසින් ව්‍යාපාරයට මමත් වයස අවුරුදු 14 දී සම්බන්ධ වෙනවා. ඒ පුද්ගලයා තවමත් ඉනනවා .මම ඔහුගේ නම කියන්න අකමැතියි. ඔහුගේ දේශපාලන කටයුතුවලදී කුඩා වයසේදී වුනත් මම ලොකු සහයක් ලබා දුන්නා. අපේ ප්‍රදේශයේ අපේ පවුල ගත්තොත් ක්‍රියාකාරී ලෙස දේශපාලනයට සම්බන්ධ වන පවුලක්.එම පක්ෂයට දැඩි ලෙස සහය දක්වපු පවුලක්. මගේ මවට ඒ කාලේ ගමේ කිව්වේ “පොඩි සිරිමා” කියලා. ඔන්න ඔය වගේ වාතාවරණයකින් තමයි මමත් මේ ක්‍රියාකාරි දේශපාලනයට පිවිසුනේ.
දැන් එතකොට එවැනි වාතාවරණයක් හරහා තමයි ඔබ මීගමුව තුල ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ ?
ඇත්තෙන්ම ඔව්, ඔය වගේ සිදුවීම් එක්ක තමයි මම දේශපාලනය තුළ ක්‍රියාකාරී වෙන්න පටන් ගත්තේ .ඒ අනුව මම 1991පෙබරවාරි 11 දා පළාත් පාලන මැතිවරණයේදී මීගමුව නගර සභාවට තරඟ කලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි අපි නියෝජනය කරන්නේ. නමුත් ඒ කාලේ අපට ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවුණා මොකද මීගමු ජනතාවගෙන් සීයට අනූඅටක් වගේ ප්‍රමාණයක් ඡන්දෙ දුන්නේ අලියා ලකුණට.ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයට. විශේෂයෙන්ම ඔය මුහුදුබඩ හිටපු ජනතාව. ඉතින් අත ලකුණට ඡන්දෙ වැටෙන්නැති නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි වෙනම ලකුණක් යටතේ ,ඒ කියන්නේ මාළුවා ලකුණ යටතේ තරග කළා.මට ඡන්ද 900ක් වගේ ප්‍රමාණයක් ලැබුණා. පත්වුණේ 06 දෙනයි. මට හම්බවුනේ 12 වෙනි තැන වගේ තමයි මට මතක.ඉතින් ඒක තමයි මගේ පළමුවෙනි ඉදිරිපත් වීම. ඊට පස්සේ අපේ චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව පත්වුණාට පස්සේ 1997 මම පළාත් පාලන මැතිවරණයට මීගමුව නගර සභාවට තරග කලා. ඒ වගේම 2002 වසරෙත් මම තරග කළා. මෙවර පළාත් පාලන මැතිවරණයට අයදුම් පත් භාර දීලා තිබුනට තවම පැවැත්තුවේ නෑහැනේ.
ඒ වතාවේ මම ඉදිරිපත් වුණේ කෙසෙල් ඇවරිය ලකුණ යටතේ අද මගේ පක්ෂය වන එක්සත් ජනතා නිදහස් පෙරමුණේ ඒ ලකුණ වෙනස් වෙලා තමයි මේ වර මහා මැතිවරණයට කන්නඩි කුට්ටම ලකුණ විදිහට අලුත් ලකුණක් ලැබිලා තියෙන්නේ. කොහොම හරි මේ වෙද්දි මම 07 ත් වතාවක් පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කරලා වසර 25 ක් තිස්සේ මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරනවා. අවසාන අවුරුදු කිහිපය හැරෙන්නට මම අවුරුදු ගණනාවක්ම මීගමුව මහ නගර සභාව නියෝජනය කෙරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රමුඛ, පොදු ජන පෙරමුණ සන්ධානය යටතේ.
ඔබ නාගරික මන්ත්‍රීවරයෙක් විදිහට ,මීගමුව මහ නගර සභාව තුළ ඔබේම පක්ෂයේ (පොදු ජන පෙරමුණ) අයගේ දූෂණ සහ අනීතක ක්‍රියා පිළිබඳවත් ඒ වගේම මූදල් වංචා සහ මුදල් ගසා කෑම් පිළිබඳවත් දිගින් දිගටම හඬ නැගූ පුද්ගලයෙකු බවට පත් වුයේ ඇයි?
ඔව් ඒක ඇත්ත. අපේ පක්ෂයේ හිටපු අය තමයි අදටත් ඉන්නේ. ප්‍රසිද්ධ මංකොල්ලකාරයෝ. ඒ කියන්නේ ලිඛිත මංකොල්ලකාරයෝ. ඒ කියන්නේ පයිල් හදලා මංකොල්ල කන්නේ. ඔය නත්තල් පොළවල්, නයිට් බසාර්, බීච් පාර්ක්, වාගේ දේවල්, ඒ වගේම සමහර නගර සභාවට අයිති දේපොළ තියෙනවා, නගර සභාවට අයිතිය නොදී, තවමත් ඒවා එයාලගේ අතේ තියාගෙන ඉන්නේ.
ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ අනුස්මරණ ඉන්ඩෝ ස්ටේඩියම් එකක් තියෙනවා මීගමුවේ. නගර සභාවෙන් කෝටි 07ක් දීලා ඒක හැදුවේ. අදටත් ඒකෙ යතුර නගර සභාවට තාම ඇවිල්ලා නෑ. අයථා විදියට ඒකෙන් හම්බ කරනවා. ඒකේ බාර් තියෙනවා, ජිම් තියෙනවා, සමිතියකට දුන්නා කියලා මේකෙන් හම්බ කරනවා. 2007 වසරේ ඕක හදපු වෙලාවේ, හරි නම් ටෙන්ඩර්කරු ඕකේ යතුර දෙන්න ඕන නගර සභාවට. හැබැයි එකේ යතුර නගර සභාවට භාර නොදී සමිතියක් කියාගෙන එක්තරා දේශපාලනඥයෙකු තමයි ඔය වැඩේ කරන්නේ. ඒකට මීගමුව මහා නගර සභාවේ ඉන්න ඉහළ නිලධාරීනුත් සම්බන්ධයි, කොමසාරිස්ගේ ඉදලා ඊට පල්ලෙහා වෙනකල් නිලධාරින් මේ වැඩ වලට සම්බන්ධයි.මම කියන කාරනා නැහැයි කියලා කවුරුහරි කියනවා නම් මම ඕනම තැනක ඒ කියන්නේ පොලිසියක උසාවියක වාගේ ඕනෑම තැනක වුනත් මේක ඔප්පු කරන්න සූදානම්.
ඔබ පසුගිය කාලයේ විශේෂ හඬක් නැගුවා, මේ නගරයේ , ජනතාවගේ බදු මුදල් අවභාවිතා කරලා, නිස්කාරණේ නාස්ති කරල වැඩක් නැති ව්‍යාපෘතීන් ගණනාවක් හදලා තියෙනවා කියලා. ඒ ගැන යමක් දැනගන්න කැමතියි ?.
මීගමුව මහා නගර සභාවට අයිති ඉඩමක් තියෙනවා තැබෑරුම් වත්ත කියලා. ඒකේ රුපියල් ලක්ෂ කෝටි ගානක් වියදම් කරලා අත්තිවාරම් දාලා තියෙනවා දැනට අවුරුදු 15කට වැඩියි. ඕකේ මාර්කට් එකක් හදනවා කියලා තමයි, ඔය විදිහට අත්තිවාරම් දාලා කනු නග්ගලා තියෙන්නේ. හැබැයි ඔතෙන්ට මාර්කට් එකක් සුදුසු වෙන්නෙ නෑ. මොකද ඔතන මිනිස්සුන්ට පේන්නේ නෑ. ඔතන යෝජනා වෙලා තිබුණේ රථවාහන ගාල් කරන්න පුළුවන් , රථ වාහන පාර්කින් ප්ලේස් එකක් හදන්ඩ. නමුත් එතන මාර්කට් එක හදනවා කියලා නිර පරාදේ මේ විදිහට අත්තිවාරම් දාලා කණු ගහලා කෝටි ගානක මහජන මුදල් මේ විදිහට කාබාසිනියා කරලා තියෙනවා.
ඔය ඉඩම මහ නගර සභාවට මිලදී ගනිද්දී කිසිම අරමුණක් තිබුණේ නෑ. එවකට හිටපු නගරාධිපතිවරයෙකුට ආපු කොමිස් එහෙකට කරපු වැඩක්. නමුත් දැන් ඒක මහ නගර සභාවට ඉඩමක් විදිහට වටිනාකමකට තියෙනවා. ඉතින් ඕකේ නිස්කාරණේ මුදල් වියදම් කරලා අත්තිවාරම් ගහලා නිකන් තියන් ඉන්නවා.එක එක කාලෙට ඕක එක එක්කෙනාට බදු දෙනවා පොඩි පොඩි ගණන්වලට. අපිට තියෙන්නේ ඕක හොඳ මිලකට විකුණලා දාන එක.
දැන් හිටපු නගරාධිපතිවරයා ඕක විකුණන්න හදද්දී ඔබතුමාලා ඒකට විරුද්ධව නැගි හිටියා නේද ?
ඔව් අපි විරුද්ධ වුනා. මොකද ඒ විකුණන්න හැදුවේ යහපත් අරමුණකින් නෙවෙයි.ඒ විකුණන්න හැදුවේ එන කොමිස් එක ගන්න.විකිණීමේදී සහ ගන්න මිනිහගෙන් දෙකෙන්ම කොමිස් එක ගන්නයි හැදුවේ. අපි හිතමුකෝ පර්චස් එකක් ලක්ෂ 05 ක් නම් ලක්ෂ 03කට විතර විකුණලා, ඉඩම ගන්න කෙනාගෙනුත් ගානක් ගන්නවා, අනිත් එක පර්චස් එක ලක්ෂ 03 නම් ඒ ගානට 03% ක සභාවෙන් කොමිස් එකකුත් ගන්නවා. ඒ ඇවිල්ලා කොමිස් ගේම්. ඒවාට අපි විරුද්ධයි. මහ නගර සභාවට යහපතක් හැටියට විකුණනවා නම් ඒකට අපි කැමතියි. මීගමුව බස් පර්යන්ත ගොඩනැගිල්ල සහ නගර සභාව භූමියේ ඉදිකර තියෙන නව පුස්තකාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ද ඔබ පහුගිය කාලේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලා මේ දේවල් අසාර්ථකයි කියලා.ඒවා කොහොමද අසාර්ථක බවට පත්වන්නේ ?
ඒත් එක්කම අපිට පුස්තකාලයක් අවශ්‍යයි. පුස්තකාලය හදලා තියෙන ඉඩම් ,අපි ඒවා සභාවට පවරගද්දී අපි කිව්වේ මෙතන පුස්තකාලයක් හදනවා කියලා. දැන් මේ වෙද්දි පුස්තකාලේ හදලා තියෙනවා. ඕක යට වාණිජ ගොඩනැගිල්ලකුත් තියෙනවා. පුස්තකාලේ යට ව්‍යාපාරික ගොඩනැගිල්ලක් තියෙන එක යහපත් කාර්යයක් නෙවෙයි. පුස්තකාලයක් වුනහම නිශ්ශබ්දතාවය තියෙන්න ඕන. යට කඩ සාප්පු බැංකුව වාගේ ඔතන ආරම්භ කරනවා.ඒක පුස්තකාලයකට හරියන්නේ නෑ. එහෙම බලපුවාහම ඔය විදිහට ඔතන පුස්තකාලයක් පවත්වාගෙන යන්න බැහැ. අනික තමයි ඔය ටෙන්ඩරය පටන් ගද්දිම ටෙන්ඩර් කරුට කොමිස් දීම, සෑම ව්‍යාපෘතියකටම වැඩිපුර මුදල් ගෙවලා ඒ මුදල් වලන් සියයට ගණනක් ලබා ගැනීම.එක පාරක් පුස්තකාලේ සම්බන්ධයෙන් වාර්තාවක් දෙනවා ඉංජිනියර් පුස්තකාලේ පුපුරලා කියලා.
ඊට පස්සේ ඒක අද වෙද්දි මහ නගර සභාවට අහිමි වෙලා තියෙනවා. විඩෙන් විඩ ජයිකා එකෙන් ලියුම් එවලා තියනවා ඕකෙන් ආදායම් ලැබෙනවාද ,මොකද කරන්නේ කියලා අහලා. අද වෙද්දී අපිට බිමත් නෑ ,මාළු මාර්කට් එකක් නෑ, ආදායමත් නෑ, මහ නගර සභාවේන් ඕක ශුද්ධ කරනවා නමුත් ඕකේ ආදායම් ගන්නේ වෙන අය. දේශපාලකයෙකුගේ තාත්තා කෙනෙක් ඔතන පොළවල් දාගෙන, සයිකල් ෂෙඩ් දාගෙන සල්ලි හම්බ කරා.පස්සේ, පස්සේ ඔතන එකේ කතන්දර ගියා මම හිතන්නේ දැන් ඒකත් පල්ලියට ගියා වෙන්නැති. මම කියන්නේ ඒකේ ආදයමක් නගර සභාවට එන්නේ නෑහැ. හැබැයි නගරයක් තුල ඕනෑම පොලක් , වෙළඳ පොළක්, මාර්කට් එකක්, කරන්න පුළුවන් නගර සභාට විතරයි. ඒක වෙන කාටවත් කරන්න බෑ. ඒකට පූජකවරු වගකිවයුතු නෑ. දේශපාලකයෝ හොරකම් කරලා, තමන් බේරෙන්න කරන වැඩ. ඒ වගේම එකක් තමයි බීච් පාර්ක් එක කියන්නේත්
බීච් පාර්ක් එක සම්බන්ධයෙන් මොන වගේ අක්‍රමිකතා ද තියෙන්නේ ?.
බීච් පාර්ක් එක කියලා කියන්නේ අක්කර පහමාරක ,හයාමාරක වපසරියක් සහිත තැනක්. 2000 ගණන්වල ආසියානු සංවර්ධන බැංකුව හරහා අපිට ආවා, අරමුදල් වාගයක් එක එක ව්‍යාපෘති කරන්න. එතකොට නගරාධිපතිවරයා ආනන්ද මුණසිංහ. උප නගරාධිපති ජෝන් ප්‍රනාන්දු. එතකොට එයාලා තෝරා ගන්නවා, මිනිස්සුන්ට සැඳෑ සුවය විඳින්න පුළුවන් වෙරළ උද්‍යානයක් හදන්න. ඒක මේ මුදල් අයකරගන්න බලාගෙන කරපු දෙයක් නෙවෙයි.ඔය සැලැස්මේ තිබුනේ කඩ 10 ක් විතරයි ඔය කඩ 10 ගන්න තමයි දේශපාලඥයෝ ඒ කියන්නේ ආනන්ද මුණසිංහ නෙමේ ඔය කියන දේශපාලඥයෝ කටයුතු කළේ. ඊට පස්සේ ආපු ආණ්ඩුව ප්‍රබල ආණ්ඩුවක් බවට පත්වුණා. ඊට පස්සේ ඕක බීච් පාර්ක් එකක් විදිහට පත් කෙරුවා. දැන් ඕක ඇතුලේ තියෙනවා අනවසර ගොඩනැගිලි 10 කට වැඩිය. දැන් අපිට නීතියක් තියෙනවා වෙරල සංරක්ෂණ නීතියක් වෙරලේ ඉඳලා කොච්චර දුරකටද බිල්ඩින් එකක් හදන්න ඕනේ කියලා. ඒවා මුකුත් ඕකේ නෑ. ඔය බීච් පාක් එකේ ඒ/සී කාමර 20 ක් විතර වගේ තියෙනවා. නාන තටාක අනම්මනම් ඔක්කොම වගේ මේ රජයේන් නගර සභාවට ලැබුණු මුදල් සහ නගර සභාවේ මුදල් වලින් හැදුවේ.
රන්මුතු කියලා ඉන්නවා පට්ට හොරෙක්නේ. ෂොපින් බෑග් එකක් අරන් ආවේ. අද බලන්න වත්කම කොහොමද කියලා.ඔහු කා ළඟද වැඩ කරන්නේ කියන්න.
දැන් කොමසාරිස් පාලනයක් තිබුනට මේ හිටපු කොමසාරිස්ව ගේන්නේ මේ අයියයි මල්ලිනේ. මේ අයියයි මල්ලි කියපුවහම තමයි ඉඳගත්තෙත් නැගිට්ටෙත්. මේ කොමසාරිස් නගර සභාවේ නොහිට ඒ මිනිස්සු මේ නගර සභාවේ හිටියා නම් හොඳයි.මෙයා විතරක් නෙමෙයි .
තවත් පැන්ෂන් ගියදේශපාලනඥයෙක් ගාව එයාගේ බිරිඳ වැඩ කරන්නේ. එතකොට මෙයාව මෙතනට ගෙනත් දාලා. එතකොට ඒ රැකියා දෙක දීලා වාහන දීලා මේ හිටපු මනුස්සයා කෙරුවෙම අයථා වැඩ. ඔබ දන්නවද මේ පහුගිය ජනාධිපතිවරණයට කලින් අලුත් ලයිට් සෙට් 400ක් ගෙන්නලා එක්තරා තැනකට බානවා. බාල එතනින් තමයි ලයිට් හදන්නේ.වැල්ලවීදියට බාලා වැල්ලවිදියේ ඉඳලා තමයි ඒ වැඩේ කරන්නේ. සභාවේ වාහන අරිනවා තමන්ගේ හිතවතුන්ට බෙහෙත් ගන්න , සවාරිවලට. වාහනේ නෑ කියලා මම කියපුවම අහවල් තැන ඒ වාහනේ තියෙන්නේ කියලා කියාපුවහම , කොමසාරිස් කියනවා මම බලන්නම් කියලා.පස්සේ වාහනේ ගරාජ් දැම්මා කියලා නෝට් දානවා. ඒවගේම සේවකයන්ටත් කියනවා වාහනේ ගරාජ් දැම්මා කියලා කියන්න කියලා. ඒ කියන්නේ නගර සභාවේ වාහන හිටපු නගරාධිපතිවරයාගේ උවමනාවට ලබා දෙනවා. වාහනේ විතරක් නෙවෙයි නගර සභාවේ සේවකයෝ එයාලාගේ ගෙවල්වල එයාගේ ඔෆිස් එකේ වැඩ කරනවා.ගිහිල්ලා කොමසාරිස් ට කියාපුවහම හරි බලන්නම් කියනවා.ඇත්තෙන්ම කියනවා හිටපු කොමසාරිස්වරයා පට්ට හොරෙක්. සීයට සීයයක් අන්ත දූෂිතයෙක්. මම එක දවසක් මූනටම කිව්වා ,තමන්ගේ ත් ,තමන්ගේ බිරිඳගේ ත් ,පඩිය නිසා මේ නගරය පාවා දෙන්න එපා කියලා.
මම අහන්න කැමති ඇත්තටම ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඇවිල්ලා මොනවගේ දෙයක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ නගරෙට ?.
දේශපාලකයන් එන්න ඕනේ ජනතාවට වැඩ කරන්න. ඒ වැඩ කරන මුලාවෙන් මංකොල්ල කන්න හොඳ නැහැ.අනෙක තමයි ලක්ෂ දහයක් යන පාරකට තමන්ගේ ටෙන්ඩර්කරුවෝ දාලා ලක්ෂ හතරෙන් ඉවර කරලා පයිල් එක හදලා සල්ලි ගන්න එක සාධාරණද. එකපාරක් ටෙන්ඩර් දුන්නා සමිති වලට දාලා දාලා තමන්ගේ හිතවත් අයටම දුන්න මිසක්. මේ හැමදේකදීම එයාලගේ හිතවතුන් ලාවා පයිල් හදලා විශේෂයෙන්ම තාක්ෂණ නිලධාරීන්, පී.එච්.අයි. ලා දැන් ඔය නගර සභාවේ පී.එච්.අයි කෙනෙක් ඉන්නවා මංජුල කියලා, එයා කරන්නේ ඒ ජොබ් එක නෙමෙයි. ඔහු කරන්නේ ප්ලෑන් අඳින එක. ඔයාලා බලන්න පහුගිය ජනාධිපතිවරණය වෙලාවෙදි අපේ සභාවේ ලේකම්ලා , තාක්ෂණික නිලධාරීන්ලා ඉන්නේ කොහෙද සිලින්ඩරේ රැස්වීම් වල. රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන රැස්වීම්වල ඉන්න තහනම්.කවුරුවත් නෑ කියලා කියනවා නම් මං ඒවා ෆොටෝත් එක්ක ඔප්පු කරලා පෙන්නනවා.ඉංජිනියර් පවා හිටියා.ඔඩිට් එකේ නිලධාරි පවා. මේකෙ ජාලයක් හදාගෙන ඉන්නේ.මෙයාලට මීගමුවේ මිනිස්සු ගැන තැකීමක් නෑ.ජාලයක් හදාගෙන හාම්පුතාට සල්ලි හම්බ කරලා දීලා, උනුත් සල්ලි හම්බ කර ගන්නවා.
මම ජේ.වී.පී .හෝ එන්.පී.පී හෝ කෙනෙක් නෙවෙයි. නමුත් මේ වෙද්දි එන්.පී.පී.නායකයා සහ රජයක් ගැන රටේ ජනතාව ලොකු විශ්වාසයක් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. ඔවුන් දූෂිත නොවේ කියලා ජනතාව තුළ ලොකු විශ්වාසයක් තියෙනවා.ඒවගේම මේ ජනාධිපතිතුමාගේ පත්වීම සම්බන්ධව මගෙත් යම් සතුටක් තියෙනවා.
|