මීගමු මහනගර සභාවේ රු කෝටි 7 ක ස්ථිර තැන්පතුවත් අනතුරේ ? කාවින්ද ජයවර්ධනටත් චෝදනා ?

0
118

kavinda 1

 

මිගමුව මහනගර සභාවේ රු කෝටි 7 ක් පමණ වන ස්ථිර තැන්පතුවද මේ වන විට අනතුරේ බව නම සදහන් කිරිමට අකමැතිවු නාගරික මන්ත්‍රිවරයෙකු මිපුර වෙබ් අඩවියට පවසා සිටියේය.
දැනටම මුල්‍ය බංකලොත් භාවයට පත්ව ඇති නගර සභාව ස්ථිර තැන්පතුවේ ඇති මුදල්ද ඉන් ඉවත් කරගැනිමට කටයුතු කරමින් සිටින බවද සැලය.
බැංකු අයිරාව කෝටි 3.5 ක්ව තිබියදි ගෙවිය යුතුව ඇති බිල්පත් වල මුළු ගණනද රු කෝටිය 10 ක් බව වාර්ථාවේ.
මේසා අර්බුදයකට මිගමුව මහනගර සභාව පත්විමට ආදාල වගකිම් විරහිවතව කටයුතු කළ රාජ්‍ය නිලධාරින් මෙන්ම මිගමුවේ හිටපු එජාප සංවිධායක කාවින්ද ජයවර්ධන සහ ඔහුගේ නායකත්වයෙන් කටයුතු කළ නාගරික මන්ත්‍රි මණ්ඩලයත් වගකිව යුතු බව ඉතා පැහැදිලිය.
එයට හේතුව වන්නේ මිගමු මහනගර සභාවේ තුල ක්‍රියාත්මක වු වගකිම් විරහිත මුල්‍ය පාලනය එරෙහිව කිසිදු විරෝධයක් පළකිරිමට කාවින්ද ජයවර්ධන සිය මන්ත්‍රි මන්ඩලය මෙහෙයාව නොතිබිමය.