මීගමු මහනගර සභාව දියතලාවේ හමුදා කඳවුරේදි කිච කළ දේශපාලකයා ගැන මන්ත්‍රින්ගේ අප්‍රසාදය !

0
72

Dayan and Farees 2මීගමුව මහනගර සභාවේ නගරාධිපතිවරයා විසින් දියතලාවේ හමුදා කඳවුරේදි මීගමුව මහනගර සභාව හෑල්ලුවට ලක්කිරිම පිළිබදව පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රිවරුන් අතිබහුතරයක් දෙනා සිය අප්‍රසාදය පළකර තිබේ.පසුගියදිනක දියතලාව හමුදා කදරවුරේදි පැවැති වැඩමුළුවකදි කඳවුරු නියමයන්ට එරෙහිව යමින් මීගමුව නගරාධිපති මොසෙස් ලංසා විසින් හැසිරිම නිසා එහි ප්‍රධාන නිලධාරින් ගේ බරලතල දෝස දර්ශණයකට ඔහු ලක්ව තිබුණි.දිනපතා පැවැත්වු මෙම නේවාසික වැඩමුළුවේදි  අවස්ථා දෙකකදිම ලංසාගේ මෙම හැසිරිම ගැන බරපතල විවේචනයක් තිබුණි.
වෙනත් නගර සභාවන් හි නගරාධිපතිවරුන් අනෙක් මන්ත්‍රින් හා එකට එක්ව සතුටින් කාබි සුහදව සිටියදි පළාතේ ප්‍රධාන ඇමතිවරයාටත එහා ගිය ලොකුකමක්  ඔළුවට ආරුඪකරගනමින් කර ඇති මේ විනය විරෝධි හැසිරිම් නිසා මීගමුව මහනගර සභාව අපකිර්තියට පත්වු බව එහි ගොස් සිටි මිගමුවේ විපක්ෂයේ මන්ත්‍රින් මෙන්ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රින්ද එකහෙලා පවසා තිබුණි.
මේ නිසාම ඇතැම් අාණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් මහත් කළකිරිමෙන් යුතුව එජාප මන්ත්‍රිවරුන් හා කියා ඇතැයි වාර්ථා වන්නේ මෙහෙම උන් එක්ක නම් වැඩකරන්නට බෑ යැයි කියාය.