මීගමු රෝහලට පැමිණි මැති ඇමැත්තෝ විදුලි සෝපානයේ හිරවෙති ! ( විඩියෝ )

0
139

Screenshot from 2020-05-29 23-11-43මීගමුව රෝහලේ නව දැඩිසත්කාර ඒකකය විවෘත කිරිම සදහා පැමිණි මැති ඇමැත්තෝ සහ රෝහල් ඉහල බලධාරින් පිරිසක් අද මීගමුව රෝහලේ සත්වෙනි මහලට යාම සදහා විදුලි සෝපානය තුල තෙරපෙමින් සිටියදි එය ක්‍රියාවිරහිතවි තිබේ.
රටටම බණ කියන මේ ඇත්තන්ට ඇත්තටම ඒ බණ පිළිපදින්නට නොහැකි බව දැන් දැන් රටම දැනගන්නට පටන් ගෙනතිබේ.එබැවින් ඒ බණ දැන් බයිලා බවට පත්ව හමාරය .
කෙසේ වෙතත් විදුලි සෝපානය දිගටම ක්‍රියාවිරහිතව පැවතිම නිසා මේ පිරිස පසුව ඉන් බැස ගොස් තිබුණි.
මිගමුව රෝහලේ මෙම මහල් ගොඩනැගිල්ල නැවත නිසි අයුරින් පිළිසකර කර දෙනබවට පුරසාරම් කියමින් කටයුතු කළ ළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාරට වසර 5 ක් යනතුරුත් මේ මහල් ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ නිමකිරිමට නොහැකි විමෙන් ඔහු කොයිතරම් නම් පචෝරිස් කෙනෙක්දැයි යළිත් වරක් ඇස්පනා පිටම ඔප්පු වි තිබේ.යහපාලන රජය මේ වෙනුවෙන් ඇවැසි මුදල් ලබා දි තිබියදි වන් මැන් ෂෝ එකක් ක්‍රියාත්මක කරමින් රෝහලේ කිසිදු වෛද්‍යවරයෙකු හෝ එහි පරිපාලන ප්‍රධානින් සම්බන්ධ කර නොගෙන මොරටුව විශ්ව විද්‍යාලයෙන් යැයි කියා මහාචාර්ය කෙනෙකු කැදවාගෙන විත් ඔහුට මේ ප්‍රතිසංස්කරණ කටයුත්ත භාර දුන්නද එයට අදාල රුපියල් කෝටි ගණනක සිය ගාස්තුවද රැගෙන දැන් ආගිය අතක් නැති වුවද ගොඩනැගිල්ල තවමත් නිමව නොමැත.
මෙම ගොඩනැගිල්ල භාර 2015 දෙසැම්බර් මාසයේ භාරදෙන බවට මේ ලොක්කන් කියා සිටියද දැන් 2020 මැයි මාසයද ඉක්මවා තිබේ. එහෙත් තවමත් වැඩ නිම නැත.
කුමාර ලිලාවෙන් ඉන්නට හදන කුමාරයන්ගේ රෙදි එකින් එක ගැලවෙන හැටි අපි දැන් නිහි හැනහිල්ලේ බලා සිටින්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here