මීගමු රෝහලේ එක්ස් රේ යන්ත්‍රය කැඩිලා මාස 2ක් ? වගකිවයුත්තෝ නිහඩ ඇයි ?

0
118

Goverment-hospital-Negombo(11.30 am ) මීගමුව රෝහල යනු එහි පිහිටිම නිසාම අතිශය වැදගත් එකකි.මීගමුවේ වෙසෙන ජනයාට අමතර ප්‍රධාන ක්ෂේත්‍ර 3 ක් අාවරණය කරනු ලබන්නේද මේ රෝහල විසිනි.
සංචාරක කලාපය ,ජාත්‍යන්තර ගුවන්තොටුපල, සහ නිදහස් වෙළද කලාපය මේ අතර ප්‍රධාන තැනක් ගනි.
තතු එසේව වුවද රෝහලේ එක්ස් රේ යන්ත්‍රය කැඩි දැන් මාස 2 කක් ද ඉක්මවා තිබුණද එය පිළිසකර කිරිමට මේ වනතුරුත් පියවරක් ගෙන නැත.
මේ නිසා දිනකට විශාල මුදලක් වැයකරමින් ඩර්ඩනස් සහ එවැනි තවත් පුද්ගලික ස්ථානයන්ගෙන් අවශ්‍ය එක්ස් රේ ගැනිමට රෝහලට සිදුව ඇත.
මේ සදහා දිනකට විශාල මුදලක් වැය කරන්නට සිදුව ඇති බවද සැලය.
එය විටක රු 50,000 ද ඉක්මවන්නකි.
දැනට කැඩි ඇති එක්ස් රේ යන්ත්‍රය අලුත්වැඩියා කිරිම මේ දිනකට වැයකරන මුදලෙන් වුවද කළ හැකි යැයි පැවැසේ .
තතු එසේව තිබියදි එය සිදුනොවන්නේ අදාල පුද්ගලික ආයතන වලින් ඇතැමුන්ට ලැබෙන සන්තෝෂම් නිසාදැයි රෝහල තුලම දැන් ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත්ව තිබේ.