මීගමු රෝහලේ ඩෙංගු මරණ 3ක්! තත්වය අවධානම්!

0
123

tmp_4776-image-0-02-06-08174d34b1a882a0f50f8389ad89d82e2234138b2e60174458250f110c5d9840-V-1432056014මිගමුව රෝහලේ මේ මාසයේ පමණක් ඩෙංගු මරණ 3ක් සිදුව ඇති බව වාර්ථාවේ.මෙහි පළමු මරණය සිදුවුයේ පිටිපන අළුත්කුරුව ප්‍රදේශයේය.ඒ සෙත්මි නම්වු දැරියකි.ඇය මිගමුවේ ශා.ජෝශප් විදුහලේ ඉගෙනුම ලබමින් සි⁣ට ඇත.මේ අවසනාවත්ත මරණය සිදුව තිබුනේ මේ මාසයේ පළමු සතියේදි.අනික් මරණ 2ඊයේ දිනයේත් ඊට කලින් දවසේත් සිදුව තිබේ.මිට පෙර අප විසින්ද අවස්ථා ගණනාවකදි හෙළිරව්ව කර ඇති පරිද්දෙන් වැඩිවන ඩෙංගු රෝගින් ගණනට නිසි ලෙසින් ප්‍රතිකාර කරන්නට තරම් හැකියාවක් නැති මට්ටමින් බරපතල කාර්ය මණ්ඩල හිගයක් රෝහල තුල පවති.අප දන්නා පරිදි මේ තත්වය පිලිබදව රෝහල් අධ්‍යක්ෂතුමිය විසින් අදාල බලධාරින් වෙත දන්වා ඇත.

රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු ගැන මෑතක පැවැත්වු සාකච්ජාවකි.

එමෙන්ම පසුගිය සතියේ පැවැති විශේෂ රැස්ව්මකදි මිගමුවේ දේශපාලන

අධිකාරියද දැනුවත් කර තිබුණි.

හෙද කාර්ය මණ්ඩල හිඟය පිළිබද විරෝධය

හෙද කාර්ය මණ්ඩල වල ඇති බරපතල හිඟය පිලිබදවපසුගිය දිනක හෙදියන් පිරිසක් සාමකාමි විරෝධතාවයක්දදක්වමින් මේ ගැන අවධාරණය කර තිබුණි .මේ සියල්ල මෙසේ තිබියදි මේ සතියේ මිගමුව රෝහලට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා පැමිණ තිබුණේ වෘත්තීය සමිති නායකයෙකු ගේ ස්ථාන මාරුවක් ගැන වු ප්‍රශ්නයක් විසදාලිම සදහාය.රෝහලේ ඇත්ත ප්‍රශ්ණ පැත්තක තිබියදි ඇතැම් වෘත්තීය සමිති මෙන්ම සෞඛ්‍ය ලොක්කන්ද කටයුතු කරන්නේ පිස්සන්ට හැතැම්ම නැති ගානටය.බලධාරින් මිගමුවේ මේ තත්වය ගැන වහා මැදිහත් නොවන්නේ නම් සිදුවිය හැක්කේ බරපතල ඛෙදවාචකයකි.