මීගමු රෝහලේ ඩෙංගු මරණ 6 ක් ! 3ක් නවලෝකෙන් පැමිණි ආසාධ්‍ය රෝගීන් !

0
295

dengu 1( 12.55 pm ) පසුගිය මාස 2 ක කාලය තුල මීගමුව රෝහල තුල ඩෙංගු රෝගීන් 6 දෙනෙකු මරණයට පත්ව තිබේ. ඉන් රෝගීන් තිදෙනෙකු මීගමුව නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට මීගමුව රෝහලේ විශේෂිත ඩෙංගු ඒකකය සදහා පැමිණ ඇති රෝගීන්ය.
මිගමුව නවලෝක රෝහලේ ඩෙංගු රෝගීන් භාරව කටයුතු කරනු ලබන්නේ ළමා විශේෂඥ වෛද්‍යවරයෙකු වන ලක්කුමාර මහතාය.
මිට වසර කිපයකට ඉහතදි දින 10 ක් තායිලන්තයට ගොස් ලබාගත් ඩෙංගු පාලන පුහුණුවකින් පසු ඔහු ඩෙංගු පාලනය අංශයටද අතගසා තිබුණි.
කෙසේ වෙතත් මිගමුවේ ඩෙංගු රෝගය පාලනය කිරිම සදහා විශේෂවු පහසුකම් ද සහිතව විශේෂ ඒකකයක් ක්‍රියාත්මකව ඇති පසුබිමක මාස එකාමාරක් වැනි කෙටිකාලයක් තුල රෝගින් 6 දෙනෙකුට දිවි අහිමි විම බරපතල තත්වයකි.
මේ පිළිබදව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරින් මිගමුව රෝහලේ දැන් මතුවෙමින් ඇති අර්බුදකාරි තත්වයට වහා මැදිහත්විය යුතුව තිබේ.
අගොස්තු මාසයේද සති 2 කක් ඇතුලත මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගින් 3 දෙනෙකු මිය ගොස් තිබුණි.ඉන් දෙදෙනෙකු වයස 50 ඉක්මවු කාන්තාවන් වු අතර හරිස්චන්ද්‍ර විදුහලේ 6 වන ශ්‍රෙණියේ ඉගෙනුම ලබන දියණියකද වුවාය.