මීගමු රෝහලේ ඩෙංගු රෝගීන් 240ක් !

0
131

IMG-20191204-WA0004මීගමුව රෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරියමින් තිබේ.ඊයේ දිනය වන නේවාසිකව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 240ද ඉක්මවා තිබේ.ඇදන් 58ක් පමණක් ඇති 4 වාට්ටුවේ මේ වන විට රෝගීන් 150 ද ඉක්මවා ගොසින්ය.මේ හේතුවෙන් බරපතල කාර්ය මණ්ඩල හිඟයක්ද මතුව තිබේ.මෙය සැබැවින්ම මාරාන්තික තත්වයකි.ඉහල යන රෝගීන් ගණනට සාපේක්ෂව නිසි අයුරින් අවධානය යොමුකොට ප්‍රතිකාර කිරිමට කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවිම ඉදිරියේදි බරපතල ඛේදවාචකයන් නිර්මාණය කිරිමට පවා ඉඩ තිබේ.ආදාල බලධාරින් වහා මැදිහත්ව මීගමු රෝහලේ කාර්ය මණ්ඩල ප්‍රශ්ණය විසදීමට තවත් කල් ගන්නේ නම් එය සැබැවින්ම තවත් බරපතල තත්වයක් පමණක් නිර්මාණය කරනු ඇත.පසුගිය ගිය ජූලි මාසයේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 14 දෙනෙකු මියගොස් තිබේ.