මීගමු රෝහලේ මෘත දේහ,මාළු ගබඩාකරන ශීතකරණයක !

0
92

IMG-20191003-WA0007
මීගමුව රෝහලේ මෘතශරීරාගාරයේ ගැටළුව කලක සිට පවතින්නක් වන අතර මේ වනවිටද එහි සේවය කරන අයටත් , අවට ප්‍රදේශවාසීන්ටත් මෙම තත්වය පීඩාකාරී ප්‍රශ්ණයක් වී ඇත .
මාළු පටවන ශීතකරණයක් වන මෙහි සමහර විට මල සිරුරු 20 ක පමණ සංඛ්‍යාවක් තැන්පත් කරන බව මෙහි සේවය කරන අයෙකු අප සමඟ පැවසීය . සාමාන්‍යයෙන් තැන්පත් කලහැක්කේ 6ක7 ක පමණ සංඛ්‍යාවකි . මේ නිසා මෙහි නිතර යාන්ත්‍රික දෝෂ හටගනී. එවිට එහි අක්‍රිය වීමෙන් අවට ප්‍රදෙශවාසීන්ට සහ මේ අසල පාරේ ගමන් කරන අයටද මෙහි ගඳ නිසා පීඩාවට පත්වන බව පෙනේ.IMG-20191003-WA0005
එවන් අවස්ථා වලදී අයිස් පිටින් ගෙනවිත් දමා තාවකාලිකව විසඳා ගන්නා නමුත් එය මුහුණ දියයුතු ප්‍රධාන ප්‍රශ්ණයකි.
මේ වනවිට නව මෘතශරීරාගාරයක් හැදෙමින් පවතින නමුත් එ්සඳහා කෙතරම් කාලයක් ගනීදැයි කිව නොහැක . එබැවින් දැනට පවතින ගැටළු විසඳා ගැනීම කෙරෙහි අදාල බලධාරීන් අවධානය දිය යුතුව ඇත .