මීගමු රෝහලේ යලි හිස ඔසවන ගලි ප්‍රශ්ණය

0
75

 

IMG-20200210-WA0043පසුගිය කාලයේදී ගලි උතුරා යාම නිසා මීගමුව රෝහල තුළ ඒ ගැන නිතර කතාබහ කරනු අසන්නට ලැබින . පසුව ඒ සඳහා නගරසභාව මැදිහත් වීමෙන් ප්‍රශ්ණ විසඳුන බවද පෙනින . නමුත් එය එසේ විසඳී නැති බව අද කළ විමසීමක් අනුව පැහැදිළි විය. 16 වාට්ටුව (කොරෝනා වාට්ටුව ) පිටුපස අැති ගලියක් උතුරා ගොස් ප්‍රධාන කානුවට වැටී එම අපද්‍රව්‍ය ගලාගෙන යන ආකාරය දැක ගත හැකි විය. මේ අවට තනකොල කපා තිබුනු නමුත් එම තනකොල වලින් වැසී තිබෙන මඩ වැනි යමක් දක්නට ලැබේ
රෝහලක ප්‍රධාන කාර්‍ය වන්නේ රෝගීන් සුවපත් කිරීමයි. ඒ සඳහා එම පරිසරය යහපත් විය යුතුය . එසේ නොවුවහොත් රෝගීන් පමණක් නොව නිරෝගී අය පවා රෝගී වීමට එය හේතුවක් වනු ඇත . මීගමුව රෝහලේ කාර්‍යමණ්ඩලයද පසුගිය කාලය තුළ ඩෙංගු රෝගයට ගොදුරු වීම මේ පිළිබඳව ඇති එක් උදාහරණයකි.
මීගමුව නගරසභාවේ ගලි බව්සර් ගෙන්වා එම කටයුත්ත ඉටුකරගැනීම සඳහා දැඩි වෙහෙසක් ගැනීමට රෝහල් කාර්‍යමණ්ඩලයට සිදුවිය . නගරසභාවට මේ සඳහා කුලියක් ගෙවන නමුත් ඔවුන්ගේ මැදිහත් වීම ප්‍රශ්ණයක් වී තිබින .
: දැන් එම ගැටළුව විසඳී ඇතැයි කියන නමුත් තවමත් ගලි උතුරා යන බව පැහැදිළිය. එනම් අදාල ආයතනයේ වගකීම නිසිලෙස ඉටුවී නැති බවයි .
මේ ගලි වලවල් වල ප්‍රශ්ණයට ප්‍රධාන වශයෙන් වගකිව යුතු පුද්ගලයන් දෛනෙකු සිටි.
ඉන් එක් අයෙකු වන්නේ මිගමුව රෝහල තුල දඩිබිඩි අකාරයෙන් විවිධ ඉදිකිරිම් සදහා වන් මෑන් ෂෝ දැමු විශේෂඥ වෛද්‍යවරයෙකි. ඔහුගේ මැදිහත්විමෙන් කෙරුණ දඩිබිඩි වැඩවලදි මේ ගලි වලවල්වල අපද්‍රව්‍ය එක්තැන් කෙරෙන පද්ධතිය හානිව ගොස් තිබුණි. ඒ නිසාම ඒවා දැන් එක තැනකදි එකතු කර ගැනිම අපහසුවි ඇතැයි තතු දන්නා රෝහල් කාර්ය මණ්ඩලය පෙන්වා දෙති.
ගලි ප්‍රශ්ණයට ඊළගට වගකිව යුත්තේ හිස උදුම්මවා ගත් මිගමුව නගරයේ ප්‍රධාන පුරවැසියාය. ඔහු පසුගිය කාලය තුල හැසිරුනේ මිගමුවේ රජු යැයි සිතාය. එබැවින් රෝහලේ උගත් ඉහල නිළදරන අයට තමන්ගේ දෙපතුල ලගට ගෙන්වා ගෙන අදාල අයදිම් කරවන්නට ඔහු කටයුතු කර තිබුණි.,
ඔළුව උදුම්මවා ගත් මේ අයගේ අමන ක්‍රියාවන් නිසා අද රෝහලේ ගලි වල් වල ප්‍රශ්ණට ස්ථිර විසදුමක් දිම අපහසුවි ඇත.