
අද පෙරවරුවේදී මීගමුව මූලික රෝහලේ පරණ ගොඩනැගිල්ලේ හදිසි ගින්නක් ඇතිවූ අතර එම හේතුවෙන් ගොඩනැගිල්ල තුළ ක්‍රියාත්මක වෙමින් තිබූ සේවාවන් වන එක්ස් රේ අංශයට හා රසායනාගාර සේවා වල නිරත වූ නිලධාරීන්ට මෙන්ම රෝගීන්ට අපහසුතා ඇතිවී තිබුණි. ගිණි ගැනීමත් සමග විශාල දුමාරයක් පිටවී ඇත.
මෙම ගින්න හටගෙන ඇත්තේ පරණ ගොඩනැගිල්ලේ ඇති විදුලි තාක්ෂනික දෝෂයක් හේතුවෙන් බව වාර්තා වූ අතර මේ වන විට පැරණි ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කිරීම් කටයුතු ආරම්භ කර තිබේ.
ඡායාරූප – ප්‍රියප්‍රේම මාණික්කරත්න