එය සැකෙවින් මෙසේය.
වයෝවෘද්ධ කතක් ලග සිටිම සදහා අදාල පවුලේ අය විසින් සදාසරණ නම් වු ආයතනයෙන් උපස්ථායිකාවකගේ සේවය ලබාගෙන තිබුණි.මෙම උපස්ථායිකාවට ඉතාමත් පහත් ආකාරයෙන් මේ ප්රධාන හෙද සොහොයුරිය විසින් බැන වැදි ඇතැයි සැලය.
මේ හේතුව නිසා අදාල වයෝවෘද්ධ මව යළිත් වරක් පුද්ගලික රෝහලක් වෙත ගෙන පවුලේ අයට කටයුතු කිරිමට සිදුව තිබුණි.
රෝහල්ගතව සිටින අය වෙත මෙන්ම ඒ අයට උවටැන් සැපයිමට ලග සිටින අයටද හැකි උපරිම මානුෂික ආකාරකින් කටයුතු කිරිම සැබැවින්ම රෝහල් කාර්ය මණ්ඩලයේ සියළුම දෙනා විසින් කළ යුත්තකි.
එහෙත් පසුගිය කාලය තුල අපට එවැනි පැමිණිලි නොතිබුණද දැන් මේ 3 වාට්ටුවේ ප්රධාන හෙද සොහොයුරිය ගැන චෝදනාව මිගමුව රෝහලේ අදාල බලධාරින්ගේ ප්රධාන අවධානයට යොමු විය යුතුයැයි අවධාරණය කරනු කැමැත්තෙමු.