මීගමු රෝහල ආණ්ඩුවට ගන්න යැයි ලංසා කියයි.ශ්‍රිනාත් දෙන්න එපා කියයි ?.

0
109

 

 

lansa speechලංකාව තුල දේශපාලනය යනු හුලං අත බලා රුවල් දැමිමක් යන්න යළිත් මනාවට ඔප්පු කර තිබුනේ ඊයේ පැවැති බස්නාහිර පළාත් සභා රැස්විමේදිය.
වසර ගණනාවක් බස්නාහිර පළාත් සභාව යටතේ පැවැති දැන් කඩන් වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබෙන මීගමුව රෝහල මධ්‍යම ආණ්ඩුවට පවර ගන්න යැයි කඩිමුඩි යෝජනාවක් ඇමති නිමල් ලංසා විසින් ඊයේ ගෙන ආවේය.
එහිදි ඔහු සදහන් කර තිබුනේ පසුගිය මීගමුවේ පැවැති උද්ඝෝෂණයකදි ජනතාව පාරට බැස කරන ලද ඉල්ලිමක් හේතුවෙන් තමන් මෙසේ යෝජනා කරන්නට තිරණය කළ බවය.
ඇමති නිමල් ලංසා විසින් ගෙන එන්නට යෙදුන මේ යෝජනාවට සිය විරෝධය පළකරමින් එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ශ්‍රිනාත් පෙරේරා එය බස්නාහිර පළාත් සභා පාලනය යටතේම තබාගත යුතුයැයි කෑමොර දෙන අයුරු අප විද්‍යුත් නාලිකා ඔස්සේ අප ඊයේ දුටිමු.
මීට සතියකට පෙර එනම් …….. මීගමුවේ රෝහල ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් කරමින් මීගමුවේ කතෝලික පියතුමන්ලා ප්‍රමුඛ අනෙකුත් ආගමික නායකයන්ද සිවිල් ජනයාද පාරපුරා යමින්  ඉල්ලා සිටියේ මෙය රජයට පවරගන්න යැයි කියාය.
ඊයේ විද්‍යුත් මාධ්‍ය මගින් විසුරුවා හරින්නට යෙදුන පුවත් දෙස බලද්දි නම් විරයාට අදින්නේ ඇමති නිමල් ලංසාය.දුෂ්ටයාගේ චරිතය වැටෙන්නේ පළාත් සභා මන්ත්‍රි ශ්‍රිනාත් පෙරේරාටය.|
ඇත්තටම ඒ බෙදිම නිවරදිද ,නැත .
මේ දෙදෙනාම  කරන්නේ දේශපාලනයකි.
මීගමුව රෝහලේ සංවර්ධනය හෝ රෝගින්ගේ අයිතින් ගැන තඹ පයිසෙක වැදගත් කමක් මේ  දෙදෙනාටම නැත,
ඇත්තේ මේ අවස්ථාවේ ඇමති ලංසාට ලකුණු වැටෙනවාට ඇති කුහක කමය.ලංසා මේ කරන්නේද පල්ලම් බසමින් යන සිය ජනප්‍රියත්වය සහ රටපුරා ඔහුට එල්ලවෙමින් ඇති නහුතයක් චේා්දනාවලට සුදුහුණූ පිරියම් කරගැනිම වෙනුවෙන් මේ යෝජනාව පාවිච්චි කිරිමයි.
ජනවාරි 08 වෙනිදායින් පසු මීගමුව රෝහලේ සත් මහල් ගොඩනැගිල්ලේ අනාරක්ෂිත තත්වය ගැන බලන්නට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පලාත් සභා මන්ත්‍රිවරු   මේ වර්ධනය වෙමින් එන බියකරු බවට විසදුම් සොයන්නට කළ කිසිවක් ගැන අප නම් අසා නැත්තෙමු.
මේ සියල්ලන්ට අවැසිව ඇත්තේ මාධ්‍ය සංදර්ශන මිස රෝගි ජිවිත ගොඩදැමිම නොවේ.
ජාත්‍යන්තර ගුවන් තොටුපල නිදහස් වෙළද කලාපය සහ සංචාරක පුරවරය කේන්ද්‍රකොට ගනිමින් මීගමුව රෝහල පිහිටා තිබිම නිසා එ් සදහා ප්‍රධාන තැනක් දිය යුතුය තිබේ.මේ නිසාම පළාත් සභා වැය වපසරියට දැරිය නොහැකි තත්වයකට ඇති නිසා සහ තවත් කරුණු මත එය මධ්‍යම රජයට පවරාගන්නා ලෙසින් මීගමුවේ ජනයා කියන්නට පටන් ගත්තේ මීට වසර 5 කටත් පෙර සිටය.
එහෙත් කිසිවෙකුත් එය ගණනකට ගත්තේ නැත.
මේ නිසා ලංසා මෙන්ම ශ්‍රිනාත් දැන් මේ කරන්නේ දේශපාලන සුදුවකි. මේ සුදු පිටියේදි දෙදෙනාම සූදු අන්තුවන් මිස විරයන් හෝ ද්‍රෝහින් නොවේ.
මේ රටේ හෙට දිනයේ දේශපාලනය ගොඩනැගිය යුතුව ඇත්තේ ජාතික හා ප්‍රාදේශිය සංවර්ධන අවශ්‍යතාවයන් ගැන කරණු ලබන පුළුල් කතිකාවක් තුලය.
එහෙත් අවාසනාවකට ලංසා සහ ශ්‍රිනාත් යන දෙදෙනාටම ඒ දේශපාලන භාෂාව තේරෙන්නේ නැත.